Print this Article


කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කෙරේ

කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කෙරේ

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ස්වාමි විවේකානන්ද මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනය තුළ ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රය ඉන්දියානු මහ කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ස්ථාපිත කෙරුණි.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයෙහි උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් වහන්සේ, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලි මහතා, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උපසභාපති හා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයෙහි අධ්‍යක්‍ෂක ජගත් සුමතිපාල මහතා, ස්වාමි විවේකානන්ද මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ආචාර්ය රීවන්ත් වික්‍රම් මහතා සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයෙහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.මෙම උත්සවයට සමගාමීව ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් වහන්සේගේ ආදරණීය මැණියන් අභාවප්‍රාප්ත වී වසර 06 ක් සපීරිම නිමිත්තෙන් සංඝගත දක්ෂිණාවක් ද පිරීනැමූ අතර මෙම ප්‍රදේශයේ සිටින්නා වූ ගැබිණි මාතාවන් සඳහා අවශ්‍ය උපකරණද ලබාදුණි.