Print this Article


අම්බලමේ ගීතය

අම්බලමේ ගීතය

සිඳු තෙර නොපෙනෙන
දිවි මං තලයේ
විඩා හරින්නට
මේ අම්බලමට
කුමකට කොහි සිට ආවාදෝ
ගමන නිමාවෙනු කවදාදෝ

උඩින් දැවෙනවා
යටින් දැවෙනවා
ගිනි මල් පිපිලා ගත දැවෙනා

විඩා නිවන්නට
කෙම්බිම් සෙව්වද
මිරිඟුවමයි යළි
හමුවන්නේ
දෑස පටලයෙන් වැසුණාදෝ
ගමන නිමාවෙනු කවදාදෝ

උඩින් දැවෙනවා
යටින් දැවෙනවා
ගිනි මල් පිපිලා ගත දැවෙනා

දෑත දෙපයේ වාරුව
සිඳෙනා තුරු
කඳු හෙල් නැග බැස
උසුලා බරපොදි
පොළොව බදාගෙන මිය යන්නේ
ගමන නිමාවෙනු කවදාදෝ
උඩින් දැවෙනවා
යටින් දැවෙනවා
ගිනි මල් පිපිලා ගත දැවෙනා