Print this Article


ඔබව හඳුනා ගත් දිනෙක දී මමයි ජය ගන්නේ

ඔබව හඳුනා ගත් දිනෙක දී මමයි ජය ගන්නේ

උපන් දා සිට අසල රැඳෙමින් පසුපසම එන්නේ
නොයෙක් විසිතුරු වෙසින් ඔබ සිත මුළා කරන්නේ
හොඳින් නරකින් ළං වුණොතින් සසර දික් වන්නේ
ඔබව හඳුනා ගත් දිනෙක දී මමයි ජය ගන්නේ

ඔබේ පිරිවර නන් වෙසින් ලොවේ හැම තැන සිටිනවා
ඔබේ දූවරු වසඟ කරගත් අය පමා වී හඬනවා
ඔබේ පස්කම් මගේ කරගත් සැනින් මා වෙත පනිනවා
ඔබේ දෑසට හසු නොවන්නට මඟක් මම දැන් සිතනවා