Print this Article


භික්ෂු නේවාසිකාගාරය විවෘත කිරීම

භික්ෂු නේවාසිකාගාරය විවෘත කිරීම

දිගාමඩුලු පුරවරයේ හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථානයට අනුබද්ධිත අම්/සිරිධම්මරතන මහ පිරිවෙනට මහත් අඩු පාඩුවක්ව තිබූ සාමණේර ස්වාමීන් වහන්සේලා උදෙසා ඉදි කරනු ලැබූ භික්ෂු නේවාසිකාගාරය සඟසතු කර පූජා කිරීමේ පින්කම පසුගිය 03 දා සිදු කෙරිණි. හිඟුරාණ උත්තර ජයමහා විහාරාධිපති, අම්/ සිරිධම්මරතන මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී හිඟුරාණේ සිරිධම්ම නා හිමියන්ගේ අවවාද අනුශාසනා මත මෙම දෙමහල් භික්ෂු නේවාසිකාගාරය ඉදිකිරීම සඳහා මූල්‍ය ධන පරිත්‍යාගය ලබා දුන් මාලඹේ තලාහේනේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී, පී.ඩී.එම්. කුසුමා විජේගුණවර්ධන මහත්මියගේ සුරතින් විවෘත කිරීම සිදු කෙරිණි.