Print this Article


ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 135 වැනි ජන්ම දින සංවත්සර පින්කමෙන්...

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 135 වැනි ජන්ම දින සංවත්සර පින්කමෙන්...

ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 135 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් පසුගියදා ආයතන පරිශ්‍රයෙහි දී සර්වරාත්‍රික පිරිත් දේශනයක් හා දානමය පුණ්‍යකර්මයක් පැවැත්විණි.

පිරිත් දේශනය සඳහා කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට දර්ශනීය පෙරහරකින් මහා සංඝරත්නය වැඩම කළ අතර ලේක්හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා විසින් සධාතුක කරඬුව ආයතනය වෙත වැඩමවනු ලැබීය.

පිරිත් සජ්ඣායනාව සඳහා කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නා හිමි, රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගාලු කෝරළය ඇතුළු හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කම්මවාගාචාර්ය මාපලගම බුද්ධසිරි නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර, ලේක්හවුස් සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා , කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ

ධර්ම ශ්‍රී කාරියවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කනිෂ්ක විතාරණ, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන,

මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නොයෙල් පි‍්‍රයන්ත, පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂණ තඹවිට. ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරි (වැ.බ.)එස්.ජේ. කොතලාවල, සමාගම් ලේකම් සුදර්ශී හේවාවසම් යන මහත්ම, මහත්මීන් සමඟ ලේක්හවුස් ආයතනයේ බෞද්ධ සංගමයේ සාමාජිකයන් ඇතුළු සේවක, සේවිකා පිරිසක් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සහභාගි වූහ.