රන්පලදාගම ශ්‍රී විජිතාරාම විහාරයේ චෛත්‍යයට මුල්ගල තැබීම
දිවුලපිටිය අස්සැන්නාවත්ත රන්පලදාගම ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ අභිනවයෙන්
ඉදිකෙරෙන චෛත්‍යරාජයාණන් වහන්සේට මුල් ගල් තැබීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මහෝපාධ්‍යාය ගල්කන්ද සිරිනිකේත පිරිවෙන් විහාරාධිපති තොරණගොඩ සුමනසිරි හා කොස්හේන
විසුද්දාරාමාධිපති අස්සැන්නාවත්ත රතනජෝති යන හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් ජනවාරි මස
(25) දා පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදු කෙරිණි.
විහාරාධිපති විලානගම සන්තිධිති හිමියන්ගේ මූලිකත්වයෙන් මුල්ගල් තැබීම සිදු කෙරුණු
අතර ප්‍රදේශවාසීන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මීට සහභාගි වූහ. |