Print this Article


වාද්දුව සුමන මූලික පිරිවෙනේ පින්කම් මාලාවක්

වාද්දුව සුමන මූලික පිරිවෙනේ පින්කම් මාලාවක්

වාද්දුව, දෙල්දුව ගනේවත්ත පුරාණ විහාරස්ථානයට අනුබද්ධ “සුමන මූලික පිරිවෙන” ආරම්භ කොට වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන්, පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇතැයි පරිවෙනාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, කිතලගම නන්දසාර හිමි ප්‍රකාශ කළහ. ඒ අනුව මේ මස 19 දා සවස 6.30 සම්බුද්ධ පුජාවක් සහිත ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වීමට නියමිත අතර 20 දහවල් භික්ෂූන් වහන්සේලා 150 නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.