Print this Article


බුද්ධ ප්‍රතිමා වහන්සේට රන් ආලේපිත ගැල්වීම

බුද්ධ ප්‍රතිමා වහන්සේට රන් ආලේපිත ගැල්වීම

මහියංගණ නගර මධ්‍යයේ මීට පෙර ඉදිකර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ස්වර්ණාලේප කිරීමේ උත්සවය පසුගියදා සිදුවිය. අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ඓතිහාසික මහියංගණ රාජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිතාභිධාන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් බෞද්ධ සම්මේලනයේ සභාපති සහ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.