Print this Article


ස්‍යාමරාජ ත්‍යාගය බුලත්සිංහල සිරි ඤාණරතන හිමියන්ට

ස්‍යාමරාජ ත්‍යාගය බුලත්සිංහල සිරි ඤාණරතන හිමියන්ට

විද්‍යෝදය පිරිවෙණේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමීම සඳහා තායිලන්තයේ මහා චූළාලංකාර මහ රජතුමා විසින් වර්ෂ 1885 දී පිහිටුවන ලද මෙම ත්‍යාගය 2020 වර්ෂයේ අවසාන ද්විතීයාංශ පරීක්ෂණයේ ගෞරව පන්තියේ ප්‍රථම ස්ථානය හිමි කර ගනිමින් බුලත්සිංහල සිරි ඤාණරතන හිමියෝ දිනා ගත්හ.

ස්වකීය උපසම්පදාව නිමිත්තෙන් රචිත “පදගතාර්ථ සහිත විසුද්ධි මග්ගයේ ධුතරංග නිද්දේශය’ නමැති කෘතියට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව වෙතින් “සිරි” යන ගෞරව නාමය ද උන්වහන්සේ හිමි කරගෙන ඇත. ඤාණරතන හිමියෝ රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , දර්ශනපති නාහල්ලේ වජිරඤාණ හිමියන්ගේ ශිෂ්‍යවරයෙකි.