Print this Article


සුපුන් සඳ දිලේ

සුපුන් සඳ දිලේ

නැවුම් හැඟුම් මෝදු වෙද්දි
බොදුනුවන්ගෙ හද පත්ලේ
අහස් තලේ අපූරුවට
නවම් සුපුන් සඳ දිලේ

මහ සඟ ගණ එක් රැස් කොට
දහම විනය ගළපාලා
ඕවාද ප්‍රාති මෝක්ෂ දෙසුම
සම්බුදු හිමි දෙසූ සේක

අනඳ සමිඳු සිත් මුලාව
මරුගේ ආරාධනාව
පිළිගෙන තිලොවග බුදුහිමි
ආයු සංස්කරණය කළෝ

මිහි කත කම්පා වූවා
ලෝ දහමට නතු ඒවා
අග සවු තනතුරු පිදූහ
නවම් මහේ පුන් පෝදා