Print this Article


මල් පිපෙන සදහම් අරණ

මහා ප්‍රජාපතී දේවිය

සුදොවුන් රජුගෙ මෙහෙසිය මහ ප්‍රජාපතී
නන්ද කුමරු මව වූ මහ ප්‍රජාපතී
සිදුහත් කුමරුගේ සුළු මව මහ ප්‍රජාපතී
මව්ගුණ සපිරි මාතාවකි ප්‍රජාපතී

****

පිය ගුණ

සොයා අහර දී දිව රෑ බෝවා
දයා දියෙන් නිබඳ ව අප නාවා
කියා දෙමින් ගුණ සෙනෙහස පෑවා
පියා මගේ නිවනින් සැන සේවා

****

සිව් බඹ විහරණ

මෙත්තා හෙවත් මෛත්‍රිය යනු හිතවත්කමයි. මිතුරුකමයි. මව්පියන් තම දරුවන්ට බොහෝ සේ හිතවත් වෙයි. දරුවන් හා මව්පියන් අතර පවත්නා හිතවත්කම වඩාත් බලවත් ය.

කරුණාව නම්, දුකට පත් වූවන් දුකෙන් මුදවා ගැනීම සඳහා සිතෙහි ඇතිවන අනුකම්පාවයි. මව්පියන් නිතරම දරුවන් පිළිබඳ සොයා බැලිය යුතු ය.

මුදිතාව යනු අනුන්ගේ දියුණුව දැක සතුටට පත්වීමයි. ඊර්ෂ්‍යා නොකිරීම ආදියයි. මව්පියන්ට ද තම දරුවන්ගේ දියුණුව හා සතුට දැක අවංකව ම ඒ ගැන සිතා සතුටු වීමේ හැකියාවක් පවතියි . මුදිතාව තුළින් ක්‍රෝධය, පළිගැනීම වැනි අවගුණ සම්පූර්ණයෙන් ම බැහැර වේ. දයාව, කරුණාව වැනි උතුම් ගුණ ජනිත කෙරේ.

උපේක්ෂාව යනු කෙනකුගේ සිත තුළ උපදින මැදහත් බවයි. නමුත් කිසිම දෙයක් ගණන් නොගෙන කටයුතු කිරීමේ ස්වභාවය මෙයින් අදහස් නොකෙරේ. දරුවන්ගේ නො මනා හැසිරීම්වලට මව්පියන් මැදිහත්ව ආදරය කරුණාව පිරි සිතින් කටයුතු කිරීමෙන් දරුවන් ගුණගරුක පුරවැසියන් කළ යුතු ය.

****

සතුන්ට ආදරය කරමු

සතුන්ට හිංසා කිරීම හොඳ නෑ. ආදරයෙන් සලකන්න ඕනෑ. එමඟින් අපිට දීර්ඝායුෂ ලැබෙනවා. ලෙඩ දුක් අඩු වෙනවා. ඒ නිසාම අපේ ශරීරයත්, මුහුණත් ලස්සන වෙනවා. අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ සියල්ලටම කලින් අප දැනගන්න ඕනෑ සතකු මරද්දී සම්පූර්ණ වීමට වුවමනා කරන කරුණු පහ. ඒ තමයි, පණ තියන සතෙක් වීම, පණ ඇති බව දැන ගැනීම, මරණයට උපක්‍රම යෙදීම, මරණයට පත් කිරීමට සිතීම සහ මරණය සිදු කිරීමයි සතුන්ට අභය දානය දීම ජීවිත දානයක් වෙනවා. සතුන්ගේ බය දුරු කරන නිසා අපි ගුණවත් දරුවන් වෙනවා.

 

 

 

 

 

****

පොඩි හාමුදුරුවෝ

අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් අතහැර ඔවුන්ගේ සෙනෙහසින් බැහැරව, අනෙකුත් අයගේ සෙනෙහස මෙන්ම ඇතැම්විට ගැරහුම් විඳ දරාගෙන, රහත් නො වුණත් සම්බුද්ධ ශාසනය රකිමින් ගෙවන ජීවිතය කිසිවකුට නොදැනේ. පොඩි හාමුදුරුවන් වහන්සේ සංසාර සාගරයෙන් එතෙර වීමට දරන මෙහෙය උත්සාහය අනන්තයි, අප්‍රමාණයි.