Print this Article


වදහළ සුගැඹුරු බණපද කොටුගොඩ සමිඳ

වදහළ සුගැඹුරු බණපද කොටුගොඩ සමිඳ


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.

අමරපුර නිකායේ
උතුරුතර පදවියෙන්
පිදුම්ලද කොටුගොඩ
නා හිමි සඳුන් රුක
දියත පතළ දම් සුවඳ විහිද වූ අප

දහම් වස් හිමි සඳේ
අඩුව පුරවමු කෙසේ

මහා සඟ පරපුරට
පහන් කන්දක් විලස
ලක් සඟන මිණි වැලේ
පරමාදර්ශය
දෙවුන් අනූවස් පුරා දිදුල
මරකත මැණික

දහම් වස් හිමි සඳේ
අඩුව පුරවමු කෙසේ

සදහම් අණබෙරය
දෙව් ලොවට වැඩමවා
ඉතින් කෙලෙසද සුගැඹුරු
බණ යළි අසනුයේ
දෙව් ලොව හිඳ දහම්
දෙසනවද සමිඳුණේ

දහම් වස් හිමි සඳේ
අඩුව පුරවමු කෙසේ

මුදු මොළොක් පිය බසින්
ලෙවන් හද නිවාලූ
සමිඳු කොටුගොඩ
දහම් ගඟ වියැළුණේ
සැදැහැවත් දනන් හද
දම් සිසිල වියැකුණේ

දහම් වස් හිමි සඳේ
අඩුව පුරවමු කෙසේ