කවරයේ කතාව
				
				 
				 
				 
				 
භාග්‍යවතුන් වහන්සේ දිනක් සංඝයා වහන්සේ සමඟ සාකේත නගරයෙහි පිඬු පිණිස වැඩි සේක . එ 
කල යම් කටයුත්තක් සඳහා නුවරින් නික්මුණු ධනවත් මහලු බමුණෙක් නුවර දොර සමීපයේ දී 
භාග්‍යවතුන් වහන්සේ දැක පුත්‍ර ස්නේහය උපදවා “ පුත , බොහෝ කලෙකින් දැක්කෙමි “ යි 
කියා හඬමින් ඉදිරියට ගියේ ය.  
 භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා , “මහණෙනි, මේ බමුණා කැමැත්තක් කරනු ඇත. ඔහු 
නොවැළැක්විය යුතුයි” වදාළ සේක . බමුණු තෙමේ ද ළඟට පැමිණ “ පුතා බොහෝ කාලෙකින් නුඹ 
දිටිමි. බොහෝ කලක් අපෙන් වෙන් ව සිටියහු “ යැයි කියා උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය 
හාත්පසින් වැළැඳ ගත්තේ ය . එයට ඉඩක් නො ලැබුණේ නම් , එම බමුණා ශෝකයෙන් මියයන්නේ ය. 
එබැවින් ඔහු ට කැමැත්තක් කරන්නට භාග්‍යවතුන් වහන්සේ ඉඩ දුන් සේක . 
ඉන්පසු බ්‍රාහ්මණ තෙමේ ‘ භාග්‍යවතුන් වහන්ස, ඔබ හා වැඩි මේ සියලු භික්ෂූන් වහන්සේට 
භික්ෂාව දීම මා විසින්ම කළ හැකියි . එබැවින් මට අනුග්‍රහ කොට මේ ඉල්ලීම පිළිගත 
මැනැවැයි කී ය . භාග්‍යවතුන් වහන්සේ එම ආරාධනය පිළිගත් සේක . බ්‍රාහ්මණ තෙම පාත්‍රය 
ගෙන පෙරටුව යමින් “පුතා ආයේ ය, ආසන පනවන්නැයි ගෙහිමියන්ට පණිවුඩයක් යැවී ය . 
බැමිණිය ද ඉතා සතුටු ව අසුන් පනවා වීථීයේ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුර දීම දැක , 
පුත්‍ර ස්නේහය ඉසිලිය නොහි ඉදිරියට දිව ගොස් “පුතා බොහෝ කලකට පසු දිටිමි “ යි කියා 
පා මුල වැටී හඬා ගෙට වැඩම කරවා ගෙන ගොස් සකසා දන් පිළිගැන්වුවා ය . දන් වළඳා 
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ධර්මය දෙසු සේක . බණ අසා දෙදෙනා ම සෝවාන් වූහ . 
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එම නුවර වසන තාක් කල්, ඔවුන්ගේ ගෘහයෙන් භික්ෂාව ගන්නා 
ලෙස අයැදු හ . භාග්‍යවතුන් වහන්සේ “ බුදුවරු එකම තැනකට නිතර නො වඩිත් .” යැයි වදාරා 
ඒ ආයාචනය ප්‍රතික්ෂේප කළ සේක . “ එසේ නම් ස්වාමීනි , භික්ෂු සංඝයා හා පිඬු පිණිස 
වැඩ මෙහිදී ම දන් වළඳා අපට බණ වදාරා විහාරයට වැඩිය මැනැවැ යි කීහ.” භාග්‍යවතුන් 
වහන්සේ එය පිළිගත් සේක . මිනිසුන් ඒ බමුණු බැමිණි දෙදෙනාට බුද්ධපිතෘ, බුද්ධමාතෘ යැ 
යි කියා ව්‍යවහාර කළහ . එ පවුලට බුදුකුල යැ යි නම් විය . 
“මම භාග්‍යවතුන් වහන්සේ ගේ මව්පියන් දනිමි . මේ දෙදෙනා තුමූ භාග්‍යවතුන් වහන්සේ ගේ 
මව් පිය බවක් කුමට කියත් දැ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසූහ . 
				 
“ආනන්දය , මේ බමුණු බැමිණි දෙදෙනා බොහෝ පෙර පිළිවෙළින් ම පන්සියයක් පමණ ජාතීන්හි 
මගේ මවු පිය ද , එ පමණ කල් ලොකු මවු පිය ද , සුළු මවු පිය ද වූහ . ඒ පූර්ව ස්නේහය 
මතු වීමෙන් ඔවුන් මෙසේ කියති” යි වදාළ සේක . 
ඉන්පසු කලක් එහි වැස නැවතත් සැරිසරන සේක් සැවැත් නුවරට ම වැඩි සේක . ඒ බමුණු බැමිණි 
දෙදෙන ද භික්ෂූන් වෙත එළැඹ බණ අසා සකෘදාගාමි අර්හත් යන ඉතිරි මාර්ග තුනටත් පැමිණ 
අනුපාදිශේෂ නිර්වාණ ධාතුයෙන් පිරිනිවීය හ .  
නුවර වැසි බමුණෝ ද උපාසකවරු ද මහත් සත්කාර සහිතව මාතෘ ශරීර කූටාගාරයක බහා නුවරින් 
ආදාහනස්ථානයට ගෙන පිටත් වූහ . භාග්‍යවතුන් වහන්සේ අලුයම් හි ලෝ බලන සේක් , තමන් 
වහන්සේ ගේ එහි වැඩම වීම බොහෝ දෙනාට ධර්මාවබෝධයට පත් වනු දැක , සැවැත් නුවරින් නික්ම 
ඒ සොහොන් බිමට වැඩි සේක .  
මිනිසුන් උන්වහන්සේ දැක , “සිය මව්පියන්ගේ ශරීරාදාහනෝත්සවයට භාග්‍යවතුන් වහන්සේ 
වැඩි සේක් යැයි කියා අවුත් වැඳ සිටියා හ . නගර වාසිහු ද මාතෘ ශරීර ගෙන පෙරහරින් 
ආදාහන භූමීයට පැමිණිය හ . එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙදෙනා රහත් වූ බව ප්‍රකාශ කොට 
එසේ වතාවත් කොට ආදාහනය කළ යුතු යැයි පවසා “ජරා සූත්‍රය “ දේශනා කළ සේක . 
				 
 
වසන්ත කේ. ජයසිංහ   |