Print this Article


බොදු මහා සමුළුවේ සියවස් නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර ජනතා අයිතියට

බොදු මහා සමුළුවේ සියවස් නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර ජනතා අයිතියට

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියවස් පූර්ණය නිමිත්තෙන් ඉදි කළ නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් යුද්ධයෙන් අවතැන් වූ අඩු ආදායම්ලාභී පවුල් ජීවත් වන මඩකලපුව දිස්ත්‍රික්කයේ පුනානි ග්‍රාමයේ දී ආරම්භ කරන ලදී. එම නිවාස නිවාසලාභීන් වෙත ලබා දෙන ලද්දේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙදින පානීය ජල ව්‍යාපෘතියක් ද ආරම්භ කරන ලදී. මෙම උත්සව අවස්ථාවේ මුලසුන හොබවන ලද්දේ දිඹුලාගල මහ කාශ්‍යප මහ පිරිවෙන් පරිවේනාධිපති දේවගල දේවලංකාර හිමියන් විසිනි. මෙම අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික සංස්කෘතික මණ්ඩලයේ සභාපතිනි සමන්තා සුමතිපාල මහත්මිය ඇතුලු සම්මේලනයේ නිලධාරී මණ්ඩලයත්, සම්මේලනයේ මඩකලපු ශාඛාවේ ලේකම් චන්දික එපිටකඩුව මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.