[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමුතු දේ හිතන උමතු මනස

අමුතු දේ හිතන උමතු මනස

මෙම ලිපියේ මුල් කොටස නවම් පසළොස්වක පෝ දා පත්‍රයේ පළවිය.

පිත්ත උන්මාදය

පිත්ත උන්මාදය යනු වා පිත් සෙම් අසමතුලිත වීමෙන් ඇති වන මානසික විකෘතිභාවයයි. මෙකී ත්‍රිදෝෂ කෝපය නිසා ශාරීරික ආබාධ රාශියක් ඇතිවේ. මෙම රෝගී තත්වයන් නිසි පරිදි පිළියම් නො කිරීමෙන් ඇති වන වේදනාව හා බිය පදනම් කොටගෙන සිතේ ඇතිවන කළකිරීම අනුක්‍රමයෙන් විෂාදය හෙවත් සියදිවි තොර කර ගැනීම දක්වා තීව්‍ර විය හැකි ය. රෝගියෙකු වශයෙන් සම්මත වීම, අසහනය, හුදකලා වීම, මරණ බිය මානසික ඇතිවන මානසික විකෘති බව පිත්ත උන්මාදය නම් වේ. කායික ස්වස්ථතාව ආරක්ෂා වන චර්යාවන් පවත්වා ගෙන යාමෙන් මෙම උන්මාදය ඇති නොවේ.

සුරා උන්මාදය

සත් වැනි උන්මාදය සුරා උන්මාදයයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙකී සුරා උන්මාදයෙන් පෙළීම ලෝකයේ ප්‍රබල ප්‍රශ්නයකි. දුම්වැටි, විවිධ මත් ද්‍රව්‍ය ගැනීමෙන් ලෝකයේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම කායික හා මානසික විකෘතිභාවයෙන් පෙළෙති. තම ගැටලු විසඳා ගැනීම, සතුට භුක්ති විඳීම හා පාලුව හා කාන්සිය මඟ හරවා ගැනීමේ ක්‍රමයක් ලෙස වරින් වර මත් ද්‍රව්‍යවලට යොමුවන පුද්ගලයෝ එයට ඇබ්බැහි වීමෙන් පසුකාලීනව විකෘති කායික මානසික චර්යාවන් ඇත්තෝ වෙති. හදවත් රෝග, පිළිකා වැනි මාරාන්තික රෝගවලට භාජනය වන අතර දියවැඩියාව, ලිංගික අප්‍රාණිකත්වය ආදී කායික ආබාධවලට ද ගොදුරු වූවෝ වෙති.

මත් ද්‍රව්‍ය අලෙවිය වූකලි ලෝකයේ විශාල ජාවාරමකි. මෙයට ගොදුරු වූවන් ඍණාත්මක ආකල්පවලින් කල් ගෙවීමට යොමුවීමත්, සාපරාධී සමාජ ක්‍රියාවන්ට පෙළඹීමත් සිදුවේ. දැහැමි ජීවන ප්‍රතිපදාවත්, රහමෙර පානය කිරීමෙන් වැළකී සිටීමේ ශික්ෂාපදය ආරක්ෂා කිරීමත් මෙයින් වැළකීමට හේතු වේ.

ව්‍යසන උන්මාදය

අට වැනි උන්මාදය ව්‍යසන උන්මාදයයි. සුනාමිය, ගං වතුර, නාය යාම් වැනි ව්‍යසන හේතුවෙන් මියගිය, විපතටපත් ජනතාව අපමණ බව අපි දනිමු. මව්පිය, දූ දරු, ගේ දොර වස්තුව අහිමි වීමෙන් සිදු වූ හානි අපමණ ය. මෙවැනි ව්‍යසන හේතුවෙන් ඇති වන මානසික පීඩනය දරා ගැනීමට නොහැකි වීමෙන් ඇතිවන උමතුව ව්‍යසන උන්මාදය යනුවෙන් හැඳීන්වේ. මරණානුස්සතිය වැඩීමත්, අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය මෙනෙහි කිරීමත් ව්‍යසන උන්මාදයෙන් වැළකී සිටීමට ඇති බෞද්ධ උපාය මාර්ගය වේ.

බුදු දහම සම්පූර්ණයෙන් ම ලෝකයේ මානසික උමතුව පිටු දැකීමට උපදෙස් දෙන ආගමකි. අප වෙසෙන ලෝකයේ මායාව තේරුම් ගෙන යතාර්ථවාදයට මුහුණ දෙන ආකාරය එහි ඉගැන්වේ. විකෘති මානසිකත්වයකින් යුතු ජන කොටසක් සිටින සමාජයක තාඩන පීඩන, වධ, හිංසා අනතුරු, ස්වභාවික විපත් ආදිය බහුල වේ. නූතන ලෝකයේ තාක්ෂණික මෙවලම් ඔස්සේ කුඩා දරුවන්, තරුණ තරුණියන් ඇතැම්විට වැඩිහිටියන් තුළ පවා මානසික විකෘතිතා ඇති කරන පෙළඹවීම් අධික ය. ඉගෙනීම, ආගම ධර්මය, යුතුකම් හා වගකීම්, වෘත්තීය කටයුතු ආදිය කෙරෙහි අවතක්සේරුවකින්, මනෝ මායාවෙන් කල් ගෙවන්නෝ දිනෙන් දින වැඩි වෙති. එසේම මිනීමරුවන්, සල්ලාලයන්, අපරාධකරුවන් වැනි අනේකවිධ අපගාමී චර්යාවන්ගෙන් යුතු පුද්ගලයන් බහුලව සමාජයට එක් වී ඇත. දික්කසාදවීම්, ඝාතන ආදිය බහුල බවට සමාජය පත්වේ.

මානසික උන්මාදය හා එයට පිළියම පිළිබඳ බෞද්ධ උපදේශය දත යුතු වන්නේ මෙම ව්‍යසනයෙන් මිනිස් වර්ගයා බේරා ගැනීම සඳහා ය.

  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]