[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් පිපෙන සදහම් අරණ

පරිසරය රැක ගමු

පරිසරය යනු අප ජීවත් වන වටපිටාව ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. පරිසරය යනු අපට ස්වභාව ධර්මයෙන් ලත් මහඟු තිළිණයකි. මානවයාගේ පැවැත්ම උදෙසා ජලය, වාතය, ආහාර වැනි මූලික අවශ්‍යතා හා වාසස්ථාන, ඖෂධ වැනි ද්විතීක අවශ්‍යතාවයන් ද සපුරාලන්නේ පරිසරයෙනි.

පරිසරයට ආදරය කරන ආකාරය පිළිබඳ අපට ආදර්ශයට ගැනීමට ඇති හොඳම නිදසුන අපගේ බුදුරජාණන් වහන්සේ ය. බෝසත් උපතේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා සිදුවීම් මාලාව තුළ බුදුරජාණන් වහන්සේ පරිසරයට ආදරය කළ ආකාරය මනාව තහවුරු වේ. එපමණක් නොව සත්සතියේ දී ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ උදෙසා සිදුකළ අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ පරිසරයට ආදරය කළ ආකාරය හා කළගුණ සැලකූ ආකාරය මනාව පිළිබිඹු කරයි.

ප්‍රාණ වායුව වන ඔක්සිජන්, ජල උල්පත් ආරක්ෂා කරදෙන්නේ ද අප අවට ඇති වෘක්ෂලතාවෝ ය. අඳුරු තිමිර පටලයන්ගෙන් සිත් වෙළී තිබෙන මේ යුගයේ මිනිසුන් කිසිම තැකීමකින් තොරව මහා වෘක්ෂලතා බිම හෙළා විනාශ කරයි. අපද්‍රව්‍ය, කැලි කසල ජල මූලාශ්‍රවලට බැහැර කරමින් එවන් විනාශකාරී ක්‍රියා පිළිවෙත් මානව සන්තානය තුළින් ඉවත් කරමින් හෙට ලොව බාර ගැනුමට සිටින අපි බුදු දහමින් ලබාදෙන ධාර්මික ඔවදන් තුළ අපේ ජීවිතය සාර්ථක කර ගනිමින් පරිසරයට ආදරය කරන යහපත් දරුවන් වීමට අපි වගබලා ගනිමු.

****

රෝ බිය දුරුවේවා

කිරි වෙහෙරේ තෙද බලයෙන් කොරෝනාව දුරුවේවා
මිරිස වැටියෙ අනුහසින් ද කොරෝනාව දුරුවේවා
ගිරි හඬු සෑ රදු බලයෙන් කොරෝනාව දුරුවේවා
සිරි දළදා හිමි සරණින් කොරෝනාව දුරුවේවා

සම්බුදු සිරිපා සරණින් කොරෝනාව දුරුවේවා
පිරිතේ බල මහිමයෙන් ද කොරෝනාව දුරුවේවා
සිරි මහ බෝ තෙද බලයෙන් කොරෝනාව දුරුවේවා
සිරි සදහම් ගුණ මහිමෙන් කොරෝනාව දුරුවේවා

****

බිම්බා දේවිය

උතුම් රාහුල මාතාව අප කවුරුන් හොඳින් හඳුනන ශ්‍රේෂ්ඨ කාන්තා චරිතය යි. ඒ යශෝධරා දේවිය යි. එදා පියුමතුරා බුදුහිමි දවස රම්‍යවතී නම් නගරයේ සුමිත්‍රා නමින් ඉපිද, සසරින් සසර පැමිණ, සිදුහත් බෝසතාණන් කල යශෝධරාව ලෙස ඉපිද, උන්වහන්සේට සෙවණැල්ලක් සේ වූවා ය. ඇයගේ උදව් නිසා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් පෙරුම්පුරා පාරමිතා සම්පූර්ණ කර ගැනීමට හැකි විය. ඇය බෝසතාණන් වහන්සේගේ උතුම් අරමුණ වෙනුවෙන් කැපවීය. සසර පුරාවට ම ඉවසීමෙන් කටයුතු කළා ය.

සිදුහත් කුමරුගේත්, යශෝධරා කුමරියගේත් විවාහයෙන් පසු රාහුල කුමරුගේ උපත සිදු විය. ඒ වන විටත් සතර පෙර නිමිතිවලින් කළකිරී සිටි සිදුහත් බෝසතාණෝ එදිනම රාත්‍රියේ මහා අභිනිෂ්ක්‍රමණය සිදු කළහ. එතැනින් පසු බුද්ධත්වය දක්වා ගෙවුණු කාලය යශෝධරාව, තමන්ගේ දුක තුනී කර ගත්තේ රාහුල කුමරුගේ මව් පදවියේ වගකීම්ද ඉටු කරමිනි.

ඇයට බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගැනීමට වාසනාව ලැබුණි. අභිඥාලාභී භික්ෂුණීන් අතර අග තනතුර ලබා ගත්තා ය.

****

හිමිදිරි උදය

කන්ද උඩින් ඉර පායා
රැස් විහිදෙනවා
පාට පාට මල් පිපිලා
සුවඳ හමනවා...

වසු පැටියා දුව පනිමින්
හතර වටේ උඩ පනිමින්
කිරි බොන්නට ආසාවෙන්
අම්ම සොයනවා

****

මුසාබස් නොකියමු

බොරුවක්, කීමට පෙළඹෙනුයේ තමා කළ වරදක් වසා ගැනීමට හෝ අනුන් රැවටීම පිණිස ය. සමාජයක් යහපත්වීමට නම් මනා විනයක් තිබිය යුතු ය. එහෙත් මුසා බස් විනය නසා දැමීමට සමත්වෙයි. අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කළේ මුසා බසක් වීමට කරුණු සතරක් සම්පූර්ණ විය යුතු බවයි. එනම්, ඇත්ත නොවීම, රවටන සිත, අනුන් රැවටීම පිණිස ක්‍රියා කිරීම හා ඉන් රැවටීමට පත්වීම යනාදියයි.

ඇතැමුන් බොරු පොරොන්දු, බොරු සාක්ෂි, බොරු ගිවිසුම් ආදිය ඇති කරගනියි. එය අශෝභන ය. බොරුව, මුසාව සමාජ අපචාරයකි. සැදැහැති බෞද්ධයාගේ අත් පොත වන ධම්ම පදයේ සඳහන් වන්නේ ‘සත්‍යය නම් වූ එකම ගුණය ඉක්මවා බොරු කියන, පරලොව සැපත නොසිතන අයට කළ නොහැකි පවක් නැති බවයි.’

  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]