[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවධානය සහ කරුණාව

අවධානය සහ කරුණාව

මුලාවෙන් මිදුණු තරුණයකු ඈත පිහිටි සෙන් විහාරස්ථානයකට ගොස් එහි නායක සෙන් ගුරුවරයා මුණ ගැසුණි-

“මට මගේ ජීවිතය එපාවෙලා. කළකිරීමෙනුයි ඉන්නේ. මේ සියලු දුක්වලින් නිදහස්වෙලා යථාර්ථය අවබෝධකර ගන්න ඕනෑ. නමුත් මම දක්‍ෂ නැහැ අනවරත භාවනා කරන්න. විවිධ තාපස වෘත අනුගමනය කරන්න. මම එහෙම උත්සාහ කළහොත් යතාර්ථය අවබෝධකර ගන්නවා වෙනුවට මම නැවතත් මගේ පැරැණි ජීවිතයට, පැරැණි පුරුදුවලට යාවි. ඒනිසා ගුරුතුමනි, නැද්ද කෙටි ක්‍රමයක් යතාර්ථය අවබෝධයට” යනුවෙන් විමසී ය.

“ඔව්, තියෙනව” ගුරුතුමා පිළිතුරු දුණි. “අවංකව ම ඔබ ජීවිතයේ අධිෂ්ඨාන ගතව සිටියේ කුමක්දැයි මට කියන්න, මොනවද ඔබ තරුණයකු වශයෙන් ඉගෙන ගත්තෙ? මොනව හරිදෙයක් තියෙනවද? ඔබගේ ජීවිතය පුරාවට ම ලැබූ මොනව හරිදෙයක් තියෙනවද?”

“හුඟක් දේවල්නැහැ. මම වත්පොහොසත්කම් පවුලක කෙනෙක්. මම කවදාවත් වැඩ කරල නැහැ. එකම දෙය, ඇත්තට ම හැමදාමත් මම කැමැත්තෙන් කළේ චෙස් ක්‍රීඩාව. ඒ ක්‍රීඩාවට මා බොහෝ කාලය ගත කළා.”

ගුරුවරයා ඔහුගේ සහායකයා කැඳවීය. “ ග්‍යොසෙයී ට මෙහි එන්න කියන්න. ඒ එන කොට චෙස් බෝඩ් එකත් අරගෙන එන්න කියන්න”.

“ගුරුතුමනි, ග්‍යෝසෙයි ට චෙස්ක්‍රීඩාව බැහැ” සහායකයා පැවසී ය.

“කමක් නැහැ, ඔහුට කතා කරන්න.”

ග්‍යොසෙයි භික්‍ෂුව එහි පැමිණිවිට තරුණයා සමඟ චෙස් ක්‍රීඩාවට වාඩි කරවීය. ගුරුවරයා කඩුවක් ගෙන්වාගෙන එය ග්‍යොසෙයි ට පෙන්වා, “ඔබ ගුරුවරයාට කීකරුවන බවට දිවුරා ප්‍රතිඥා දී තියෙනව. මම ඒක බලන්නයි යන්නෙ. අපේ මේ ආගන්තුකයත් සමග චෙස් ක්‍රීඩා කරන්න. ඔබ පරාජය වුවහොත් මේ කඩුවෙන් ඔබගේ හිස ගසා දමනව. ඔබ දිනුවොත් අපේ මේ ආගන්තුකයගෙ හිස ගසා දමනව”.

ගුරුවරයා ප්‍රකාශ කළේ කුමක් ද? හරියටම එය ඉටු කරාවි යන්න ඔහුගේ ඇස්දෙකෙන් පෙන්නුම් කරයි. ක්‍රීඩාව ආරම්භ විය. තරුණ ආගන්තුකයාට ඔහුගේ පිටකොන්දෙන් දහඩිය ගලා යන බව දැනෙයි. ඔහුගේ ජීවිතය වෙනුවෙන් ඔහු ක්‍රීඩා කරමින් සිටියි. ඔහුට ඔහුගේ වටපිටාව අමතක විය. ඔහුගේ ලෝකය චෙස් ලෑල්ලයි. ඔහුගේ විරුද්ධවාදියා දුර්වල ඇදීමක් කළ වහාම ඔහු බලවත් ප්‍රහාරයක් දියත් කළේ ය. ග්‍යොසෙයිගේ ඉත්තා නැති වූවිට ආගන්තුකයා ග්‍යොසෙයිගේ ආරක්‍ෂිත ස්ථානය පැහැර ගත්තේ ය. ආගන්තුකයා පුදුමා කාර ශාන්ත බවකින්, අවුරුදු ගණනාවක පළපුරුදු වෘතයකින් සහ කුශාග්‍ර ඇස්වලින් යුතු මුහුණ ඇත්තකු බව පෙන්නුම් කරයි. ඉදිරියේ විය හැකි මරණය පවා ඔහුට බලපෑමක් නොකළ බව පෙන්නුම් කරයි.

ග්‍යොසෙයි තවත් වැරදි ඇදීමක් කළේ ය. ඔහු පරාජය වෙමින් සිටියේ ය.

ආගන්තුක තරුණයා කෙසේ වුවද වටිනා කමක් නැති අර්ථශූන්‍ය ඔහුගේ අතීත ජීවිතය මැඩපවත්වමින් සිටියේ ය. ඔහු මෙලෙස සිතීය. “මට බැහැ මේ මනුෂ්‍යයාට මැරෙන්න ඉඩදෙන්න. මම මැරුණොත් ලෝකයට නැතිවන්නට දෙයක් නෑ. කිසිවක් ලබා නොගෙන මගේ කාලය මා විනාශ කරගෙන තියෙන්නේ. නමුත් මෙම භික්‍ෂුව උත්සාහවන්ත ව ජීවිතයේ ශික්‍ෂණයක් ලබාගෙන තියෙන්නේ.මොහුගේ මරණය ලෝකයට පාඩුවක් වෙයි”.

ආගන්තුක තරුණයාගේ අභ්‍යන්තරයේ කරුණා තරංග මතුවිය. ඔහු හිතාමතාම වැරදි ඇදීම් කරමින් තමන්ට පහරදීම් සිදුකිරීමට භික්‍ෂුවට අවස්ථාව සලසා දුන්නේ ය.

එකසැරේටම ගුරුවරයා ඉදිරියට නැමී චෙස් ලෑල්ල පෙරළා දැමීය. තරඟ කරුවෝ ඔහු දෙස පුදුමයෙන් බැලූහ. “මෙහි දිනන්නෙකු හෝ පරාජයවන්නෙකු නැත” යි ගුරුවරයා කීය. ගුරුවරයා තරුණයා දෙසට හැරුණි.

සම්පූර්ණ යතාර්ථය අවබෝධකර ගැනීමට කාරණා දෙකක් අත්‍යවශ්‍යයි. පරිපූර්ණ අවධානය සහ කරුණාව. අද ඔබ ඒ දෙකම ඉගෙන ගත්තා. පළමුවෙන් ඔබ සම්පූර්ණ ක්‍රීඩාවට අවධානය යොමු කළා. අවධානය තුළින් ඔබ කරුණාව ඇතිකර ගත්තා. එය ඔබට ඔබගේ ජීවිතය පරිත්‍යාග කරන්න තරම් දියුණුකර ගත්තා. අප සමඟ ඔබ සති කීපයක් ඉන්න. ඇතිකර ගත්තා වූ එම උත්සාහයෙන් ම අපගේ අභ්‍යාසයන්හි යෙදෙන්න. ඔබගේ යතාර්ාවබෝධය අපිට සහතිකයි”.

තරුණ ආගන්තුකයා එයට එකඟ වී අවසානයේ යතාර්ථය අවබෝධ කරගති.

කවර දෙයක් සිදු කළත් ඔබගේ සම්පූර්ණ අවධානය ඒ කෙරෙහි යොමුකරන්න. ස්වභාවයෙන් ම කරුණාව ඒ පසු පස එයි. එය අවධානයේ විශ්වාසවන්ත සමාගමයයි. යථාර්ථ අවබෝධයේ මාර්ගය මෙයයි.

  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]