Print this Article


සිත

සිත

දුර ගමන් කරයි තනිවම හැසිරෙයි
සිරුරක් නොපෙනෙයි ගැඹුරෙහි ම හොවියි
සිත හරිම දඟයි එක තැන නො සිටියි
දමනය නො කළොත් මුළු ලොව ම දවයි

මහ මුහුද වගෙයි අලි පැටියා වගෙයි
දුටු දේ අල්ලන වඳුරෙකු වාගෙයි
සිත හරි චපලයි රැකුමත් දුකරයි
අපහසුවෙන් හෝ රැක්කොත් දිනුමයි

සුබ දෙයෙහි ඇලෙයි අසුභයෙහි ගැටෙයි
මොහොතක් නෑරම දෙපසට පෙරළෙයි
මැද මාවත තුළ රඳවා ඒ සිත
පුහුණු කලෝතින් නිවන ම හිමි වෙයි