[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංගුත්තර නිකායෙන් - 6: නීවරණ ප්‍රහාණ වර්ගය

අංගුත්තර නිකායෙන් - 6

නීවරණ ප්‍රහාණ වර්ගය

ඒකක නිපාතය

අකම්මනීය වර්ගය (අකර්මණ්‍ය වර්ගය - ක්‍රියාවකට (වැඩකට) යෝග්‍ය නොවූ

සූත්‍ර අංක - 25

අපාතුභූත සූත්‍රය (පහළ නොවූ) නොහටගත් 1.3.5

මහණෙනි, යම් සේ සිත (විදර්ශනා වශයෙන්) මාර්ගඵල නිවන අරමුණු කොට පහළ නොකර ගත්තේ නම්, (පහළ නොවුයේ නම්) ඒ සිත බඳු මහත් අනර්ථය පිණිස පවත්නා එක දහමක් මම නොදකිමි.

(විදර්ශනා වශයෙන්) නොවැඩූ, පහළ නොවූ සිත මහත් වූ අනර්ථය පිණිස පවත්නේ ය.

සූත්‍ර අංක 26

පාතුභූත සූත්‍රය (හටගත්) 1.3.6

මහණෙනි, මාර්ග ඵල නිවන අරමුණු කොට (විදර්ශනා වශයෙන්) යම් සේ වඩන ලද්දේ පහළ කරගත්තේ, මහත් වූ අර්ථය පිණිස පවත්නේ නම් මේ සිත බඳු අන් එකද ධර්මයක් මම නොදකිමි. මහණෙනි. (සසරින් මිදීම පිණිස විදර්ශනා වශයෙන්) වඩනලද පහළ වූ සිත මහත් වූ අර්ථය පිණිස පවත්නේ ය.

සූත්‍ර අංක 27

අඹහුලීකත සූත්‍රය (පුරුදු නොකළ) 1.3.7

මහණෙනි, යමක් මෙසේ නොවඩනා ලද්දේ බහුල වශයෙන් (නිතර නිතර) පුරුදු නොකරන ලද්දේ මහත් වූ අනර්ථය පිණිස පවත්නා ධර්මයන් අතර සිත බඳු අන් එක ද දහමක් මම නොදකිමි. මහණෙනි, නොවැඩූ බහුල වශයෙන් පුරුදු නොකළ සිත මහත් වූ අනර්ථය පිණිස පවත්නේ ය.

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]