[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් පිපෙන සදහම් අරණ

ගුරු හාමුදුරුවෝ

මාගේ ගුරුදේව ලොකු හාමුදුරුවන් වහන්සේගේ නම දික්වැල්ලේ සිරිසුමන හිමියෝ ය. අපගේ හාමුදුරුවෝ වෙහෙසෙන්නේ අපට හොඳින් අධ්‍යාපනය ලබා දී හොඳ පුරවැසියන් කරන්නට ය. උන්වහන්සේ දිවා රෑ නො බලා වෙහෙස මහන්සියෙන් හෙට දවසේ කරන්න තිබෙන වැඩ පිළිබඳ සොයා බලනවා. මගේ ලොකු හාමුදුරුවෝ මට දඬුවම් කළත් ඒ මගේ වැරැද්දක් නිසා බව මම දන්නවා. මාගේ ගුරු හාමුදුරුවන් වහන්සේ අපට උගන්වා බලාපොරොත්තු වන්නේ බුද්ධාගම රකින විනයගරුක සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ පිරිසක් බිහි කිරීමට යි. උන්වහන්සේට මේ බියකරු සසරෙන් එතෙරවීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

****

මෙවර ජයග්‍රාහිකාව

බෝවන රෝගවලින් ආරක්ෂා වෙමු

බෝවන රෝග යනු කෙනෙකුගෙන් තවත් කෙනකුට වැළඳෙන රෝගයකි. පැපොල, සරම්ප වගේම මේ කාලයේ ලෝකයේ පැතිරීයන කොරෝනා රෝගය එයට සාක්ෂි ය. අද මුළු ලෝකයට ම බලපා ඇත්තේ කොරෝනා රෝගය යි. එය බෝවන රෝගවලින් එකකි. අමෙරිකාව වැනි බලගතු රටවල ටත්, ඉන්දියාව වැනි අසල්වැසි රටටත් කොරෝනා නමැති බෝවන රෝගයෙන් බේරීමට නොහැකි වී ඇත. මෙවැනි බෝවන රෝගවලින් මිදීමට අප හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු ය. අත් සබන් යොදා සේදීම, මුව ආවරණ පැළඳීම ද, දෙදෙනකු අතර පරතරය තබා ගැනීම ද ඊට අයත් ය. ඒ වගේම පෝෂ්‍යජනක ආහාර ගැනීම මෙන්ම උදෑසන හිරු එළිය ද මෙහිදී වැදගත් වේ. කරුණාව, මෛත්‍රීය වැනි ගුණාංග වැඩීම මේ කාලයේ අප කළයුතු දෙයකි. රතන සූත්‍ර දේශනාව සජ්ඣායනාව අපේ සිතේ ශ්‍රද්ධාව උපදවයි. මා මෙන්ම සියලු සත්වයෝම බෝවන රෝගවලින් මිදේවා! සුවපත් වේවා!

****

ධම්ම පදය

ත්‍රිපිටකය කොටස් තුනකට බෙදේ. එනම්, සූත්‍ර, විනය හා අභිධර්ම පිටකය යනුවෙනි. සූත්‍ර පිටකය නිකාය පහකට බෙදේ. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය,අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය ලෙස ය.

ග්‍රන්ථ 15 කින් යුත් ඛුද්දක නිකායේ දෙවන ග්‍රන්ථය ධම්ම පදයයි. ගාථා 423 ක් , වග්ග 26 ක් ද තිබේ. මෙය බෞද්ධයාගේ අත්පොත වේ.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසතී වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කංච වහතෝ පදං

මේ ධම්මපදයේ පළමු ගාථාවයි.

සැම සිතිවිලි මනස පෙරටුව ඇතිවේ. කිලිටි මනසක් සහිතව කියන කරන හැමදේම පසුපසින් දුක පැමිණෙයි. ගැල අදින ගොනු පසුපස රෝදය එන්නාක් මෙන් දුක ලුහුබඳියි. දහම් පාසල් යන බොදු දරුවෝ වශයෙන් ධම්මපදය ආදර්ශයට ගෙන ජීවත් වෙමු.

****

මුහුද

මුහුද ලස්සනයි
මුහුද හරි සැරයි
රැල්ල ගහනවා
ළමයි නානවා
සමන් පොට්ටු
වගේ වතුර
බිංදු ඉහෙනවා
පුංචි ළමයි
සතුටු වෙවී
මුහුදේ නානවා

****

මෙත් වඩමු

සියලු සත්වයෝ
නිදුක් වෙත්වා.
නිරෝගි වෙත්වා.
සුවපත් වෙත්වා.
දුකෙන් මිදෙත්වා.
සියලු රෝ බිය
දුරුවෙත්වා.

****

මල්

පාට පාට මල්
හැඩ රුව ඇති මල්
සුවඳ හමන මල්
ලොව සරසන මල්

වනයෙ පිපෙන මල්
හරි ලස්සන මල්
බුදුන් පුදන මල්
හරි සුවඳැති මල්

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]