Print this Article


ජන්ම දින සැමරුම

ජන්ම දින සැමරුම

වාද්දුව තල්පිටියේ දළඹුවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත තල්වත්තේ ඉන්ද්‍රජෝති නායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය පසුගිය 14 දිනට යෙදී තිබූ අතර එය සිහිකර විහාරස්ථාන ධර්ම මන්දිරයේදී ලේ දන්දීමේ පින්කමක් පැවැත්විණි. පානදුර තොටමුණ රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක විශ්‍රාමලත් පරිවේණාධිපති තරුපිටියේ චන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්විණි.