Print this Article


“අසිරිමත් ගෞතම බුදු සසුන බැබළෙයි”

“අසිරිමත් ගෞතම බුදු සසුන බැබළෙයි”

දමයන්ති ජයකොඩි මහත්මිය විසින් රචිත “ගෞතම බුද්ධ චරිතය - 7” අසිරිමත් ගෞතම බුදු සසුන බැබළෙයි” අලුත්ම බෞද්ධ ග්‍රන්ථය එළිදැක්විණ.

පළමු රහතන් වහන්සේලා හැට නම ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කිරීමෙන් බොහෝ පෙදෙස්වල බුදු සසුන ව්‍යාප්ත විය. එතැන් පටන් උරුවෙල් කාශ්‍යප ඇතුළු, පිරිස, උපතිස්ස කෝලිත දෙදෙනා ඇතුළු බොහෝ පිරිස් බුදු සසුනට ඇතුළු වීමෙන් අසිරිමත් ගෞතම බුදු සසුන සෑම ප්‍රදේශයකම පැතිරී යාමෙන් ඇති වුණු ප්‍රබෝධය මෙහි විස්තරාත්මක ව රචනා කර ඇත.