Print this Article


ඓතිහාසික වල්ගම්පාය රජමහා විහාර පිවිසුම් තොරණ විවෘත වේ

ඓතිහාසික වල්ගම්පාය රජමහා විහාර පිවිසුම් තොරණ විවෘත වේ

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි යටිනුවර වල්ගම්පාය රාජමහ විහාරය වටා ඉදිකරන ලද දර්ශනීය වළාකුළු බැම්ම සහිත විහාර පිවිසුම් තොරණ සුබ මොහොතින් විවෘත කර සම්බුදු සසුනට පූජා කිරීමේ උත්සවය නොබෝදා පැවැත්විණි.

ඓතිහාසික වල්ගම්පාය රාජමහා විහාරයේ වත්මන් ශාසනික දියුණුවට විහාරාධිපති අතිපූජ්‍ය අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම නාහිමිපාණන් ලබාදෙන අනුශාසනා පරිදි වල්ගම්පාය රාජමහා විහාරයේ භාරකාර, මල්වතු මහා විහාරයේ කර්මවාගාචාර්ය ඇකිරියේ සද්ධානන්ද හිමිපාණන්ගේ සංකල්පයක් අනුව මෙම පිවිසුම් තොරණ සහිත විහාරය වටා දර්ශනීය වළාකුළු බැම්ම ඉදිකරන ලදී. කේ.බණ්ඩාරනායක