Print this Article


බොදු මහා සමුළුවේ 101 වන සංවත්සර උත්සවය සහ බෞද්ධ හිමිකම් කොමිෂන් සභා වාර්තාව එළි දැක්වීම

බොදු මහා සමුළුවේ 101 වන සංවත්සර උත්සවය සහ බෞද්ධ හිමිකම් කොමිෂන් සභා වාර්තාව එළි දැක්වීම


දිවියාගහ යසස්සී නා හිමියන් වෙත ජගත් සුමතිපාල මහතා විසින් කොමිෂන් සභා වාර්තාව පිළිගැන්වූ අවස්ථාව.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 101 වන සංවත්සරය පසුගියදා සමරන ලදී.

බොදු මහා සමුළු සභාපතිතුමාගේ යෝජනාවකට අනුව 2018 වර්ෂයේදි පොසොන් පොහෝ දින මිහින්තලා පුදබිමේ දී ස්ථාපිත කරන ලද කොමිෂන් සභා වාර්තාව එළි දැක්වීය. එදා සිට වසර 2 කට වැඩිකාලයක සිට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සාක්ෂි විමසීම් පවත්වා බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවේ වාර්තා පරිච්ඡේද 10 කින් යුතුව නිර්දේශ 240 ක් ඉදිරිපත් කර ඇත.

මෙලෙස සකසන ලද කොමිෂන් සභා වාර්තාවේ පළමු පිටපත බොදු මහා සමුළු සභාපති ජගත් සුමතිපාල මහතා විසින් මුලසුන හෙබ වූ කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක දිවියාගහ යසස්සී ස්වාමීන් වහන්සේට පිරිනැමී ය.

වසර 100 ක් මුළුල්ලේ බෞද්ධ මහා සම්මේලනය විසින් සිදුකරන ලද ශාසනික ,ආගමික සේවාවන් පිළිබඳව සහ බොදු සමුළුවේ මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ ස්වර්ණමය යුගයත්, වසර 2000 පසුව බොදු සමුළුවේ නව යුගයක ආරම්භයත් පිළිබඳව ගවේෂණාත්මකව කරන ලද අධ්‍යයනයකින් පසු නන්දන වීරරත්න මහතාගේ සංස්කරණයෙනුත්, මහේෂ් සේනාධීරගේ සහය සංස්කරණයෙනුත් ලියැවුණු බොදු සමුළු සියවස් පුරාණයේ දෙවන සංස්කරණය ලෙස “නූතන ගිහි බෞද්ධ ඉතිහාසය සහ බොදු සමුළු සියවස ග්‍රන්ථය එළි දැක්වීම ද මෙදින සිදුවිය.