Print this Article


උතුම් නිමල ඒ දහමෙහි හැසිරෙමි මේ පෝදා

උතුම් නිමල ඒ දහමෙහි හැසිරෙමි මේ පෝදා

කල්ප ලක්ෂ දෙකක් පමණ දීර්ඝ වූ ඝෝර සසර
දුක් වින්ඳා පෙරුම් පුරා ලබනුව අගසව් තනතුර
නවම් මහේ පුන් පෝ දා වේළුවනේ සඟුන් අතර
සැරියුත් මුගලන් මහසව් ලැබුවා සිය අග තනතුර

ප්‍රථම සංඝ සන්නිපාත සිදු වූ පෝදා
හැම පව් දුරලා සතතින් කුසල් පුරාලා
සිත පිරිසුදු කරගත හැකි වෙතැයි කියාලා
ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනා කළා

ආයු සංස්කාර අතැර දැමූ විට අප මුනිඳා
මහ පොළොවත් කම්පා වී දුකින් හඬා වැටුණා
පළමු ධර්ම සංගීතිය තබා දහම රැක්කා
උතුම් නිමල ඒ දහමෙහි හැසිරෙමි මේ පෝදා