Print this Article


පුතුගෙ ලොව

පුතුගෙ ලොව

සංසාර වැලි කතරෙ
අපගෙ පා ලකුණු මත
පතාගෙන පැමිණි බව
මට දැනේ මගෙ පුතේ

රළු බොරළු ගිරි දුර්ග
කටුක භව ගමනෙදී
හෙළූ දුක් කඳුළු මත
ඔබේ ලොව තැනුවෙමි

ඥාන බල බාහු බල
ලැබ දිවිය ඔප දැමූ
ඔබට මගෙ අත් වැලක්
ඇවැසි නැත හෙට දිනේ

තටු වැඩී තුරුණු විය
කැදැල්ලෙන් ඉගිල ගිය
කුරුලු පැටවෙක් ලෙසින්
මට දැනේ ඔබේ වත