Print this Article


හද මලින් පුදා වඳිම්

හද මලින් පුදා වඳිම්

රාගාදි ක්ලේශ උගුල්වා
තණ්හා රතී රඟා දිනූ
නික්ලේශ මුනි උතුම් වඳිම්
හද මලින් බැතින් පුදා

ද්වේශාග්නි ජාලයෙන් වෙළූ
තෛලෝක්‍ය ධාතුවේ සතුන්
මෙත් අමා ජලෙන් තෙමු
මෛත්‍රී සාගරේ ගිලි වඳිම්

මෝහ අන්ධකාරයේ ගිලී
හුන් භවේ සතුන්
ප්‍රඥාලෝකයේ බලෙන් මිදූ
ඕහාසකර බුදුන්
සිත් පහන් පුදා වඳිම්