Print this Article


සුපිපුණු සියපත

සුපිපුණු සියපත

සාසන නිලඹර පෑයු පුන්සඳ
වෙසරද දම්කඳ මෙත්දිය උල්පත
බොදු දන පින්කෙත අපිස් සීල ගුණ
මහ නාහිමි සඳ සුපිපුණු සියපත

තෙවළා බුදු බණ අටුවා ගැටපද
එකිනෙක සසඳා දෙසු දම් මනහර
සුරගුරු නුවණැස කිසිදින නොකියන
වියත් ගණ මැද තරුපති හිමි සඳ

සිරිමත් අගමහ පඬිවර නාමය
තෙවලා වෙසරද දම්කිත් නාමය
සඳ මෙන් එක විල දිලෙනා නාමය
සක් සුද සේ නිමලයි හිමි නාමය

ගුණ මිණි පහනකි මුලසුන හොබවන
දස දම් සුතුරේ කැඩපත හිමි සඳ
පිදෙනා ආසිරි මල් වැසි වස්සන
වනපස කුසුමින් පුදනට අවසර

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
තුදුස්වන මහා නායක
මකුලෑවේ විමල මහා නාහිමියන් වෙනුවෙන් පිදෙන “ප්‍රණාමාඤ්ජලී”