Print this Article


පුතුගෙ පැතුම

පුතුගෙ පැතුම

රුවැති මලක් නෙළා ගන්න
ඔබ මට පැවසුවා නොවෙද
නෙළූ මලේ සුවඳ මෙලෙස
වියැකේ යැයි සිතුවෙ කවුද?

මල වටකර තුරුලු වෙවී
සමනල පැටවුන් සිටිද්දි
සුවඳ නොදෙන මා නෙළු මල
ඉවත දමන්නේ කෙලෙස ද?

පෙති වියැකී ගියේ නමුදු
ඔබත් සුවඳ මලක්ය මට
ඔබෙ සුවඳින් සුවඳවත් ව
මල සුරකිමි සමනලුන්ට