Print this Article


කපුටු වසුරු ...

කපුටු වසුරු ...

ලෝභය, කපුටු වසුරක් මෙනි. වැටුණු තැන ඇලී සිටියි.

ලෝභය, රත් වූ තැටියකට දැමූ මස්වැදැල්ලක් මෙනි. වස්වැදැල්ල එහි ඇලෙන්නේ යම් සේ ද ලෝභය ද එසේම ය.

ලෝභය ලාම්පු දැලි මෙනි. බැඳුණ දෙය අත්හරින්නේ නැත.

මහා වේගයෙන් ගලා යන සැඩ පහරින් ගංගා ජලය මුහුදට ගලා යන්නා සේ ලෝභය සත්ත්වයා දුකට ම ඇද ගෙන යයි.

ආදරය, රාගය, සෙනෙහස, කාමය, ඇලීම, පංච ඉන්ද්‍රියයන් පිනවීමට ඇති කැමැත්ත, ධනයට, බලයට, කීර්තියට ඇති ආශාව ආදිය ලෝභයයි.

තවත් ලෙසකින් කියනවා නම් වස්තුකාම, ක්ලේශ කාමයෙහි වන ගිජුබවයි.