Print this Article


රාජ පූජිත ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරය 2: හෙළ රජ දරුවන්ගේ ශාසනික මෙහෙවර

රාජ පූජිත ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරය 2:

හෙළ රජ දරුවන්ගේ ශාසනික මෙහෙවර

දඹදෙණි නුවර දෙවැනි පැරකුම්බා රජතුමා ශාසනයේ චිරපැවැත්ම සඳහා කතිකාවතක් ද කරවා මහවැලි ගඟ දාස්තොට දී උපසම්පදා විනය කර්‍මයක් ද කරවීය.

යාපහු නුවර රජ පැමිණි පළමු බුවනෙකබා රජතුමා ද, කුරුණෑගල ඪඪ බුවනෙකබා රජතුමා ද, උපසම්පදා විනය කර්‍මයන් කරවූ බවත්, ගම්පළ රාජ්‍ය කරවූ ඪඪඪ වන විජයබාහු රජතුමා රයිගම්පුර ආසන්නයේ විහාරාරාම කරවා ධර්‍මකීර්ති සංඝරාජයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනයකර්‍මයක් ද ගම්පොළ වීරබාහු රජතුමා ඪම වැනි ධර්‍මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද කෝට්ටේ මඪ වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී වීදාගම මෛත්‍රී, තොටගමුවේ ශ්‍රී රාහුල ආදී භික්‍ෂුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේදී ද සෙංකඩගල විසූ වීර වික්‍රම රජතුමා 542 දී රජගෙට දකුණු දෙසින් පාත්‍රා ධාතූන් වහන්සේ නිදන්කොට දාගැබැක් බැඳ දෙමහල් පෝය ගෙයක් සාදවා පෝයමළු විහාරය ඇතුළු නානා දිසාවන් හි විහාර 86 ක් කරවූ බව මහා වංසයේ 92 පරිච්ඡේදයේ සඳහන් කරයි (මහාවංසය 586 පිට ගුණපාල වීරසේකර සංස්කරණය - 1955).

ධර්‍මකීර්ති හිමියන් ප්‍රධාන කොටගෙන 355 ක් සාමණේරයන් උපසම්පදා කරවා නොයෙක් පින්කම් සිදු කළහ.

ඉන් අනතුරුව පිතෘ ඝාතක සීතාවක රාජසිංහයන් භික්‍ෂූන් වහන්සේ සහිත වෙහෙර විහාරත්, සම්බුද්ධ ශාසනයත් වනසමින් ධර්‍ම පොත්පත් සියල්ලම ගිනිබත් කොට සුවිශාල විනාශයක් කළේය.

උපසම්පදා භික්‍ෂූන් වහන්සේ ද සම්පූර්ණයෙන් ම විනාශයට පත් කළ අතර, රජු උණ කටුවක් ඇනී මරණයට පත්විය.

1592 දී 1 වන විමලධර්‍මසූරිය රාජතුමා දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන්ගල යට සුරක්‍ෂිතව තිබූ වාම ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමවා, දෙමහල් ප්‍රාසාදයක් කරවා එහි තැන්පත් කොට පුද පූජා පැවැත්වීය. රක්‍ඛංග දේශයෙන් භික්‍ෂූන් ගෙන්වා ගැටඹේතොට උපසම්පදා කරවා පෝයමළු විහාරයේ වඩා හිඳුවමින් තුන් මහල් දළදා මැඳුරක් ද සෑද වීය. සෙනරත් රජු කල පරංගීන් පැමිණ දළදා මාළිගාව ද විනාශ කළ අතර, මැදමහනුවර ආදී නොයෙක් ස්ථානවල දළදා වහන්සේ සඟවා සුරක්‍ෂිත කරගනිමින් නැවතත් ඪඪ වන විමලධර්‍මසූරිය රජතුමා දළදා මාළිගාව තුන් මහල් සේ සාදවා දළදා වහන්සේ වඩා හිඳුවා රක්‍ඛංග දේශයෙන් උපසම්පදාව ගෙන්වා ගැටඹේතොට දී 33 නමක් උපසම්පදා කරවා පෝයමළු විහාරයෙහි වාසයට සැලැස්වූහ.

ඔහුගේ පුත් වීරපරාක්‍රම නරේන්‍ද්‍රසිංහ රජ තෙමේ ආගමික ශාසනික කටයුතු දියුණු කරනුයේ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේගේ ධර්‍ම ශාස්ත්‍රීය සේවය දියුණු කරලමින් සාරාර්ථ සංග්‍රහය, මහාබෝධි වංශය, භෛෂජ්‍ය මංජුසාව ද සකස් කිරීමට මහෝපකාරී විය.

අනතුරුව විජය රාජසිංහ රජතෙමේ ශාසනික කටයුතු දියුණු කරලමින් සරණංකර සාමණේරයන් වහන්සේට ආරාධනා කොට සතර බණවර සන්නය ද ලියවමින් ධර්‍මශාස්ත්‍රීය කටයුතු දියුණු කිරීමට උපකාරී විය. සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා වීමට නම් උපසම්පදා භික්‍ෂූන් වහන්සේ සිටිය යුතු යැයි සරණංකර හිමියන්ගේ ද උපදෙස් අනුව උපසම්පදාව ගෙන ඒම සඳහා විදේශයකට දූතයන් යැවීය. නැව මුහුදේදී විනාශවීමත් සමඟම පිරිස ද විනාශයට පත්විය. දොරණෑගම මුහම්දිරම් රාළ නිලමේ පමණක් ඉතිරිවිය.

මෙම ලිපියේ තවත් කොටසක් දුරුතු අමාවක පෝදා ( පෙබ. 11) පත්‍රයේ පළවේ.