Print this Article


හසුවීම

හසුවීම

රත් පැහැයෙන් දිලිසි දිලිසි
පහන් සිලෙහි නැළැවි නැළැවි
ඔබ ඉන්නා බව නො දන්න
මෙරුන් ඉන්නවා

නිල් තණ අග රස ගන්වන
මී බිඳු අතරේ සැඟවී
ඔබ ඉන්නා බව නොදන්න
මුවන් ඉන්නවා

මිහිරි ‍නාද රස නංවන
වෙණ නද අතරේ මුසු වී
ඔබ ඉන්නා බව නොදන්න
ඇතුන් ඉන්නවා

සුවඳ දදී මිහිර ‍බෙදන
බාඳුරාව මල ඇතුළේ
ඔබ ඉන්නා බව නොදන්න
බිඟුන් ඉන්නවා

සුන්දර අරමුණු අතරේ
ඉන්නා විට සැඟවි සැඟවි
නිකෙලෙස් උතුමන්ගෙ ඇසට
ඔබ හසු වෙනවා

- තලල්ලේ චන්දකිත්ති හිමි