Print this Article


මාතර බෝධිය

මාතර බෝධිය

නිල්වලා ගං තෙරේ පවනින්
සැලෙන බෝපත් හෙමි හෙමින්
දැවෙන සිතිවිලි නිවා සනහා
ගෙනෙයි දම් සිසිලක් බැතින්
ස්වර්ණ බුදු රුව නෙතින් ගලනා
මෙත් අමා ගඟුලැලි දියෙන්
නැහැවී නැහැවී පුරේ මාතර
බුදු සුවඳ ගෙන එයි නිතින්
වෙහෙර මළුවේ සාධු නාදය
නැෙඟයි අහසට පෝ දිනේ
කොත් කැරැල්ලෙන් නැගෙන දම් කඳ
මාතරට සිරි සෙත ගෙනේ