[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

උඳුවප් අසිරිය

වඳිමු දහම් සෝ නිරිඳුගෙ දියණි වන
අනුබුදු මිහිඳු සමිඳුගෙ නැගණියක වුණ
ජය මහ බෝධි ශාඛාව ද හිසට ගෙන
සඟමිත් වැඩියෙ උඳුවප් පුන් පොහොය දින

නිල් දිගු කෙස් කළඹ ඉවතට දැමුව කපා
වටිනා කසී සළු රෙදිපිළි අපට එපා
කහවත දැරූ කුලකත පැතු අමර සැපා
ඇරඹී මෙහෙණි සස්නක් දොර වසන අපා

****

පිහිට

සිරිපා පියුමේ....
රොන් සුණු
මුසුවන පවනයි
මනරම් හිරු උදාවී ....
එන හිරු කිරණයි
සම්බුදු තෙමඟුල
ලොවට හෙළිකල
පොහො දිනයි
ලොව සත වෙත
සම්මා සම්බුදු
සමිඳුගෙ පිහිටයි

****

පිණ්ඩපාත දානය

පෙර රජ දවස බුදු හිමි මග වඩින විට
මිනිසුන් බලා සිටියේ දන් බෙදන් න ට
දානයෙ තිබෙන පින් මහිමය දැ නෙන විට
කුමකට අරුත් පහදා දෙන්නේ සැමට

පිණ්ඩපාත දානයෙ පින උතුම් කොට
ආසයි මටත් දන් හැන්දක් බෙදන් නට
මතු යම් දිනක ඒ පින සිහි කරන් නට
හැකි වෙයි මරණ මොහොතෙදි පින් ලබන් නට

****

මෙවර ජයග්‍රාහී නිර්මාණය

උඳුවප් පොහෝ දිනෙක

උතුම් අනුබුදු මිහිඳු හිමිගේ ඇරැයුමට දක්වමින් ගරු සරු
උතුම් ජය ශ්‍රී බෝ සමිඳු වැඩමවාගෙන පෙරහරෙන් විසිතුරු
උතුම් වනිතා පරපුරට අභිමානවත් මෙහෙවරක් ඉටු කෙරූ
උතුම් වූ ශ්‍රී සංඝමිත්තා රහත් තෙරණිය පුදමු නිරතුරු

අනුල දේවිය ප්‍රමුඛ කුල කුමරියන් හට මුළු ගැනුණු ලෝක
විවර කෙරුවා මෙහෙණි සාසනෙ හෙළ ලියට අභිමනකි ඒක
නිමා කරමින් සසුන් කිස අද වගේ උඳුවප් පොහොය දාක
හත්ථාල්හක මෙහෙණවරදී පිරිනිවන වෙත වැඩිය සේක

****

පිය සෙනෙහස

දෙවැනි මව විය පුතුට,
සදා ණය ගෙවන්නට
පුතුනි පා යුග වැන්ද
පිය සෙනෙහෙ දෝත දරා
පියා හට වැඳ පුදා
නිති ගරු සරු ඇතිව
පිය සෙනෙහෙ දෝර ගලා ගිය විට
දැනෙයි නිති සතුට අප හට
කාලය ද යයි කෙමෙන්
වැඩිවියට පත්වෙමින
පුතුට දීඝායු ලැබ
පතමි පිය සෙනෙහසට
ආදරෙයි පුතුනි මා
ඔබට නිති සෑම දා
අපි යමු ද ලෝකයේ
හැන්දෑවේ සවාරියක්

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස ඉල් පුර පසළොස්වක පෝදා සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

  උඳුවප් අමාවක
පෝදා 

 ජන 12 අඟහ අ.භා 12.22 අමාවක ලබා 13 බදාදා පූ.භා. 10.29 ගෙවේ
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]