Print this Article


මං මුළාවී සසර කතරේ

මං මුළාවී සසර කතරේ

කොතැන සිට මම ආවෙද
යන්නෙ කොතැනද නොදනිමී
කවුරුදෝ මම කවුරුදෝ
මං මුළා වී භව මගේ

මගේ සම්බුදු සමිඳුණේ
දහම හැර විසඳුම් නැතේ

ආ තැනක් ගැන නොසොයමි
යන තැනක් ගැන නොසිතමි
සැපය කියලා වැළඳ ගත්තේ
දැවෙන ගිනි කන්දකි මෙමා

මගේ සම්බුදු සමිඳුණේ
දහම හැර විසඳුම් නැතේ

සසරෙ ගිනි දැල් නිවාගත් දා
සදාතන සුවයකි ලැබෙන්නේ
නිවී සැනසුන සිතෙහි ඇත්තේ
නිවන් පුරයේ අමා සිසිලයි

මගේ සම්බුදු සමිඳුණේ
දහම හැර විසඳුම් නැතේ