Print this Article


පුතුගේ නමට

පුතුගේ නමට

මා බත සරි කළේ මේ ඉඩමයි හේනේ
පූජා කරමි එය අපෙ හාමුදුරුවනේ
මා පුතු වළඳාපු සඟ බත් ඇට ගානේ
හැම පව් ගෙවී සැනසේවා නිර්වාණේ

පැවිදි ව කුඩා කල සිවුරට ඇති ආසා
තුරුණුව වැඩී එන විට නැති වුණෙ කෙලෙසා
නොහොබිනකම් කළත් සැමගේ දෑස් වසා
අතහැර දමනු බැහැනේ මගෙ පුතා නිසා

කළ පවු කියා දෙස් තැබුවත් ලොවම මට
අංගුලිමාල වුව ආවේ මගෙ කුසට
නෑවිත් සිටිය මුත් මුළු ගම මලගමට
යුතුකම ඉටු කළා මම පුතුගේ නමට