Print this Article


මල් පූජා කිරීම

මල් පූජා කිරීම

වණ්ණ ගන්ධ ගුණොපෙතං
එතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස
සිරීපාද සරොරුහෙ

වර්ණය හා සුවඳ යන ගුණාංගවලින් යුත් මේ මල් සමූහයෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා පියුම් පුද කරමි.

ජූජේමි බුද්ධං කුසුමෙනනෙන
පුඤ්ඥේන මෙතෙන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදං මෙ
කායො තථායාති විනාස භාවං

මේ කුසුමින් බුදුරදුන් පුදමි. එම පිනෙන් නිවන් ලබම්වා. යම් සේ මල් මැලවී යා ද එසේම මාගේ සිරුර ද වැනසෙයි.