Print this Article


උරුම දහම

උරුම දහම

සීත මීදුම් ගලා ගෙන විත්
ඈත කඳු පෙළ වසා ගෙන ඇත
නීල දෙනයන අයා බැලුමුත්
ඔබව පෙනෙනා ඉසව්වක නැත

ඈත සිට එන සීත සුළඟෙහි
ඔබේ වත්සුණු සුවඳ මුසු වුණ
වියෝ වූ ඔබ ගැයූ සුමියුරු
ගීත රාවය නොම ඇසේ

ඉදුණු පලුපත් බිමට වැටෙනා
කලක් ළඟ එනවා
සියලු මිහිරැති මතකයන් මේ
ලොව තබා යනවා

හැමට උරුම වුණු ඔබට ද හිමි වුණු
දහම මට ද උරුමයි
ආපසු යන විට තනිවම යා යුතු
බව හොඳ හැටි වැටහෙයි