Print this Article


සදහම් අරණ

යහපත් ගතිගුණ

ගුණ දම් රැක ගැනීමත්
තිසරණ සරණ යෑමත්
පන්සිල් රැක ගැනීමත්
බොදු දරුවන්ගේ ගුණයකි යහපත්

****

බුදු හාමුදුරුවෝ

වෙසක් මස පුර පසළොස්වක පොහෝදා සිදුහත් කුමරු මෙලොවට බිහිවුණි. බෝසත් කුමරු ඉපදුණු මොහොතේ පියුම් සතක් මිහිකත මත පැන නැඟී සිරි පා පිළිගත් බව බෞද්ධ පොතපතේ සඳහන් වේ.

බෝසත් කුමරු තරුණ වයසේදී ම ගිහි ගෙය හැර දමා සත්‍ය සොයා ගියේ ය.බෝසතාණන් වහන්සේ අවුරුදු සයක් දුෂ්කර ක්‍රියා කළහ. මැදුම් පිළිවෙත අනුගමනය කොට සියලු කෙලෙස් නසා බුද්ධත්වයට පත් වූහ.

බුදු හාමුදුරුවෝ සියලු දෙනාට ම කරුණාව, මෛත්‍රීය දැක්වූහ. උන්වහන්සේ සෑම දෙනාටම යහමඟ යාමට අවස්ථාව සැලැස්වූ සේක. අංගුලිමාල වැනි දරුණු ඝාතකයන් ද ආලවක වැනි යක්ෂයන් ද දමනය කළ සේක. මාගන්දියා වැනි අයගේ මානය නැති කළහ. පටාචාරා වැනි දුකට පත් වූ අය බුදුන් වහන්සේ ධර්මයෙන් සුවපත් කළ සේක. බුදුහාමුදුරුවෝ මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද ආදරය, කරුණාව දැක්වූහ. සැමගේ ම දුක සැප බැලූ සේක. බෞද්ධයන් වන අපේ ශාස්තෘන් වහන්සේ බුදු හාමුදුරුවෝ ය. අපගේ ගුරුවරයාණන් එතුමාණෝ ය. උන්වහන්සේගේ ධර්මයට අනුව අද අපි යහපත් ජීවිතයක් ගත කරන්නෙමු. උන්වහන්සේ සිහි කිරීමට අපි බුදුපිළිම, චෛත්‍ය, බෝධීන් වහන්සේට වැඳුම් පිදුම් කරමු. බුදුරජාණන් වහන්සේගේ සදහම් සුවඳින් ශ්‍රී ලංකාව ම බැබළේවා.

****

අනගාරික ධර්මපාලතුමා

අපගේ පිනට පහළ වූ මෙතුමා සම්බුදු සසුන රැක ගැනීමට මහත් වෙහෙසක් හා උත්සාහයක් ගත් උත්තමයෙකි. මෙතුමා තමන්ගේ වාහනයේ ගවමස් නොකව්, මත්පැන් නොබොව් යනුවෙන් ප්‍රදර්ශනය කරමින් රට වටේ ගමන් කරන්නට විය. නිදාගෙන සිටි සිංහලයන් අවදි කරවමින් රට දැය බේරා ගන්නට කටයුතු කළ ශ්‍රේෂ්ඨවරයකු ලෙස ද මෙතුමා හඳුන්වන්නට පුළුවන්. මෙතුමාගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ ය. මව මල්ලිකා හේවාවිතාරණ ය. මෙතුමා කුඩා කල හඳුන්වා තිබෙන්නේ ඩේවිඩ් හේවාවිතාරණ යන නමිනි. මෙතුමා තම නම වෙනස් කරමින් අනගාරික ධර්මපාල යන නම භාවිත කළේ ය. පසුව මෙතුමා සම්බුදු සසුනේ උතුම් වූ පැවිද්ද ලබා ගත්තේ ය. අනගාරික ධර්මපාලතුමාට අපි සදා ණය ගැති වෙමු.

****

මගේ අම්මා

සෙනෙහෙ දම්වැල එකට අමුණා හදවතේ නුඹ සඟවා ගත්තා
ඔහේ පාවෙන මලක් අහුලා නුඹේ දෑතේ රඳව ගත්තා
සැඳෑ සමයේ අඳුර දැකලා දෑස මානෙම තබා ගත්තා
මගේ පුතුනේ කියා පවසා නුඹේ තුරුලෙ ම හොවා ගත්තා

නෙතින් කඳුළැලි වැටෙන්නට පෙර දසන් විහිදා සිනහසෙනවා
හදේ ගින්දර දැනෙන්නට පෙර මදෙස නොබලා ඔහේ යනවා
වනයෙ පිපි මල් සුවඳ නොබෙදා වනයෙ පරවී මියැදි යනවා
අපට නොපෙනෙන ඔබේ කඳුළැල් දෑස කෙළවර වියළී යනවා

අහස යට ඇති පුංචි මැඳුරක අපේ සිතුවිලි රඳවලා
පතේ රසයට අතේ ගුණයෙන් රාජ භෝජන සකසලා
ගතේ පහසට දැනෙන සියුමැලි සිනිඳු අඳුමෙන් සරසලා
දැමූ මිරිවැඩි නිසා පා පොඩි තිබේ මෘදු බව සැඟවිලා

නිසල අහසේ සෙවණ ලබනා විසල් පොළවේ
තබා පා පොඩි ඇවිද යන්නට පාර සැදුවේ
සිනා කැන් පොඩි මුවේ රඳවා සතුට බෙදුවේ
සදා හද රැඳි දේවදූතිය ඔබයි මගේ අම්මේ

****

සාමය'උදාවේවා

****

පන්සල් යමු