[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බලවත් ම අවිය

බලවත් ම අවිය

ජපානයේ ප‍‍්‍රාදේශීය යුද්ධයක් පැවැති අවස්ථාවකි. සේනාධිපති නගරයෙන් නගරය යටපත් කරමින්, පහසුවෙන් ජයග‍‍්‍රහණය ලබමින් ඉදිරියට ගියේ ය.

එක්තරා විශේෂ නගරයක සෙන් විහාරස්ථානයක් විය. එහි සෙන් ගුරුවරයා හැර අන් සියලු දෙන ඔහුගේ හමුදාව පැමිණීමට සුළු මොහොතකට කලින් පලා ගොස් ඇති බව ඔහු සොයා ගත්තේ ය.

පලා නොගිය මේ අපූරු මිනිසා කවරකුදැයි බලා ගැනීමට සේනාධිපති පන්සලට ගියේ ය. සෙන් ගුරුවරයා නිශ්ශබ්ද ව, නිශ්චල ව සිටියි. ගුරුවරයා සේනාධිපතිට ආචාර කිරීමක් හෝ පැමිණීම ගැන කිසිදු සැලකිල්ලක් සිදු කළේ නැත.

සේනාධිපතිගේ බලය ගැන කිසිදු සැලකිල්ලක් නොකළ සෙන් ගුරුවරයා කෙරෙහි සේනාධිපති කෝපාවිෂ්ට විය.

”මෝඩයා” කියා කෑ ගසමින් සේනාධිපති කඩුව අදිමින් ” උඹ දැක්කේ නැද්ද උඹ ඉන්නෙ නිමේෂයකින් පලා යා යුතු මිනිසකු ඉදිරියේ කියා” යැයි විමසී ය.

සෙන් ගුරුවරයා සන්සුන් ව පිළිතුරු දුන්නේ ය.

”උඹ දකින්නෙ නැද්ද උඹ හිටගෙන ඉන්නෙ නිමේෂයකින් පලා යා හැකි මිනිසකු ඉදිරියේ කියා”.

සෙන් ගුරුවරයාගේ පිළිතුරෙන් යටහත් පහත් වූ සේනාධිපති තම හමුදාව ආපසු කැඳවා විහාරස්ථානයෙන් බැහැරට ගියේ ය.

මෙම සෙන් කතාවෙන් බලය සහ එයින් ජීවිත පාලනය කිරීම පිළිබඳ මිථ්‍යාව පෙන්නුම් කරයි. හමුදාව සහ විශිෂ්ට ආයුධ තිබියදීත් සේනාධිපති ආධ්‍යාත්මික ආයුධ ඇති භික්‍ෂුව ඉදිරියේ පසුබසින අයුරු දැකිය හැකි ය.

මෙය අපට එදිනෙදා ජීවිතයේ ද දැකිය හැකි ය. කවර හෝ දාමරිකයකුට බලය පෙන්වීම සඳහා වචන, බිය ගැන්වීම් හෝ සැහැසිකම් භාවිත කළ හැකිය.එහෙත් එහිදී සැබෑ ශක්තිය, සන්සුන් ව සිටීම සහ අවිහිංසාව පුරුදු කිරීමයි.

බලවත් ම අවිය ඔබගේ මනස යි.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]