Print this Article


උඩුගොඩ ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමියන් කාරක සංඝ සභික ධූරයට

උඩුගොඩ ශ්‍රී ධම්මක්ඛන්ධ නාහිමියන් කාරක සංඝ සභික ධූරයට

ස්‍යමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ව වැඩ සිට අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ සහ අපවත්වී වදාළ දෙදුම්බර ප්‍රධාන සංඝනායක වේරපිටියේ ශ්‍රී සෝභිත නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ යන දෙනමගේ ශිෂ්‍යයන් වහන්සේ මැණික්හින්න හුරීකඩුව ඓතිහාසික ගල්පිහිල්ල රජමහ විහාරය, උඩගම වටගොඩේ ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරය, වේරපිටියේ බුළුවේතැන්න ශ්‍රී සිද්ධාර්ථාරාමය, කුණ්ඩසාලේ නිතුලේතැන්න රත්මල් විහාරය යන විහාරයන් හි අධිපති හා මහනුවර මල්වතු මහා විහාරයේ ගල්පිහිල්ල පන්සලේ භාරකාර, විශ්‍රාමලත් විදුහල්පති, දෙදුම්බර ප්‍රධාන අධිකරණ සංඝනායක සාම විනිසුරු ශාස්ත්‍රපති උඩුගොඩ ශ්‍රී ධම්මක්‍ඛන්‍ධ නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේය.

උන් වහන්සේ වෙත ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාරපාර්ශ්වයේ අතිගෞරවාර්‍හ ශ්‍රීමත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ විසින් මහනුවර මල්වතු මහා විහාරයීය විංසද්වර්ගික ගරුතර කාරක මහා සංඝ සභාවේ කාරක සංඝ සභික ධුරයක් සඳහා 2020 ක් වූ ඔක්තෝබර් මස 03 වැනි දින පත් කරන ලදී.