Print this Article


අන් අයගෙන් සැලකුම් ලබන හැටි

අන් අයගෙන් සැලකුම් ලබන හැටි

කලුවච්චිමුල්ලේ ධම්මරක්ඛිත හිමි
ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානය
පුරුදුවැල්ල, කුඩා වැව

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන කාලයේ දී කොසොල් රජතුමා හැම දිනයක ම උදේ කාලේ ජේතවනාරාමයට ගොස් බුදුරදුන් බැහැ දැක වැඳ නමස්කාර කොට සතුටු සාමිචි කතා කොට එයි.

එක් දවසක් මුළු උදය වරුවේ ම කිසියම් බලවත් හා අත්‍යවශ්‍ය රාජකාරියක් තිබූ බැවින් එතුමාට බුදුරදුන් බැහැ දකින්නට එහි යෑමට නොහැකි විය. එතුමා තම කාර්යය අවසාන කොට මාලිගාවට ගොස්, දිවා භෝජනය ගත් සැනෙකින් ම බුදුහාමුදුරුවන් බැහැ දැකීමට ගියේ ය. එවිට බුදුරජාණන් වහන්සේ

“ඔබතුමා අද දහවල ඒමට හේතුව කුමක්ද”යි විමසූහ. එවිට රජතුමා මෙසේ පැවසී ය. “ස්වාමීනී, බුදුරජාණන් වහන්ස, අද උදය වරුවේ මම සාධාරණය ඉටුකළ යුතු රාජකාරී කටයුත්තක නිරත ව සිටියෙමි. රජතුමා පිළිතුරු දුන්නහ.

රජතුමනි ඔබ මා විසින් දෙනු ලබන අවවාද අනුශාසනා පිළිපැද සාධාරණ ව, ධාර්මික ව රාජ්‍ය කිරීම ගැන මම සතුටු වන්නෙ නම්” බුදුරජාණන් වහන්සේ වදාළහ. ඉන්පසු අතීත කතාව රජතුමාට මෙසේ වදාරන ලදී.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රජකම් කරන විට බෝසතාණෝ ඒ රජතුමාගේ පුත් ව සිටියහ. තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමා වෙත යවා මෙම පුත් කුමාරයාට ශිල්ප ඉගැන්වී ය. පසුව පියාගෙන් පසු රාජ්‍ය ඔහුට ලැබිණි. නව රජ, රජකම් කරන අවස්ථාවේ රටේ සොර මැරකම් කිසිවක් සිදුවූයේ නැත. රටේ ජනතාව සුඛිත මුදිත ජීවිතයක් ගෙවූහ.

මෙසේ රජකම් කරන රජතුමාට අසන්නට ලැබුණේ තමන්ගේ ගුණ ප්‍රකාශ වන කතා ය. රටේ සැරිසැරූ රජතුමා ආපසු එන විට අප්‍රසිද්ධ වීදියක මල්ලිකා රජතුමාගේ රථය හමුවිය. මේ රථ දෙක ම හමුවුණේ මාරුවන්නට බැරි ඉඩක් නැති ඉතා පටු මාර්ගයක දී ය. රථ දෙකේ ම රථාචාර්යවරුන් රියෙන් බැස එකිනෙකා හමු වී තම තමන්ගේ රජවරුන් සතු ගුණ ප්‍රකාශ කොට වැඩි ගුණවතාට මාර්ගය ඉඩ දිය යුතු යැයි සම්මුතියක් ඇතිකර ගත්හ.

සැවැත්නුවර මල්ලිකා රජුගේ රථාචාර්යවරයා තම රජුගේ ගුණ කියන්නට විය. ගුණවතා ගිය ගිය තැන සැලකුම් ලැබී ය. ඒ අනුව මල්ලිකා රජු රථයෙන් බැස ඉඩ දෙන ලෙස තම රථාචාර්යවරයාට කීවේ ය. මේ අවස්ථාවේ මේ දෙදෙනා හැඳිනගෙන සතුටු සාමිචි කතාවේ යෙදුනහ. මල්ලිකා රජතුමනි, ඔබත් මාගේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න” යැයි බ්‍රහ්මදත්ත රජු ඉල්ලා සිටියේ ය. මල්ලිකා රජතුමා බ්‍රහ්මදත්ත රජතුමාගේ ප්‍රතිපත්ති අනුගමනය කළේ ය. බුදුරදුන් පෙර කතා වදාරන ලදී.