Print this Article


බුද්ධගයා විහාරය වන්දනා කරමු

බුද්ධගයා විහාරය වන්දනා කරමු

යස්මිං නිසජ්ජ වජිරාසන ඛන්ධනෙන
ජෙත්වා සවාසන කිලෙස බලං මුනින්දො
සම්බෝධි ඤාණමවගම්ම විභාසි සම්මා
තං බෝධි චේතිය මහං සිරසා නමාමි

බුදු බව ලබාගෙන මිස නැවත නොනැඟිටිමි’ යි යන අධිෂ්ඨානයෙන් යුතුව යම් වජ්‍රාසනයක් මත වැඩ හිඳගෙන බුදු බව ලැබූ සේක් ද, එසේ බුදු බව ලබා මනාව වැඩසිටියා වූ එම බෝධි චෛත්‍ය රාජයාණන් වහන්සේට මම සිරස නමා වන්දනා කරමි.

සෙට්ඨො ගයාති පදිතෙ සුවිසුද්ධ තිත්ථෙ
නාථො නිසීදිය කිලෙස මලං ජිහිත්වා
සබ්බඤ්ඤුභාව මුපගම්ම විහාසි සම්මා
තං බෝධිරාජ පවරං සිරසා නමාමි

ශ්‍රේෂ්ඨ වූ ඉතා පිරිසුදු ගයා තීර්ථයේ වැඩ හිඳගෙන කෙලෙස් මල සෝදා හළ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානය ලැබ මනාව වැඩ සිටියා වූ ඒ බෝධි රාජයාණන් වහන්සේ සිරස නමා වන්දනා කරමි.