Print this Article


අග්‍රතම වීර්යය

අග්‍රතම වීර්යය

ලෝකයෙහි දුකසේ පිරිය යුතු වීර්යය දෙකකි.
එනම්, භික්ෂූන් වහන්සේට චීවර,
පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය හා බෙහෙත් පිරිකර පූජා කරනු පිණිස ගිහියන්
විසින් කරනු ලබන වීර්යයයි.
සම්බුද්ධ ශාසනයෙහි පැවිදි වූ භික්ෂූන් වහන්සේ විසින් ස්කන්ධ, ක්ලේෂ, අභිසංස්කාර නම් වූ සියලු උපධීන් නැති කිරීම නම් වූ නිර්වාණ සම්පත්තිය සඳහා කරනු ලබන වීර්යයි.
මේ වීර්යය දෙක අතරෙන් සියලු උපධීන් දුරලීම පිණිස කරන වීර්යය ම අග්‍ර ය.

දුක නිපාතයේ පඨම පණ්ණාසකයේ පධාන සූත්‍රය ඇසුරෙනි.