Print this Article


අහිමි ඇගැයුම

අහිමි ඇගැයුම

රෑ නිදිවරා හිස අතගාමින් ඉන්නේ
ඈ සුව වරා ඔබ සැප ගැන වෙහෙසෙන්නේ
රූ සපු දිරා ගිය මුත් නැහැ දුක් වන්නේ
නෑ කිසි විටෙක ඔබ නම් ඇය අගයන්නේ

ඉඳහිට නිවස වෙත එන දරුවන් වෙතට
පානා සෙනෙහෙ කිසි විටෙකත් නැහැ ඇයට
ලැබෙන තුටු පඬුරු හමුවේ එක පැයට
අමතක වූයේ කෙලෙස ද උවටැන් ඔබට

නුඹ නැතිදාට මා මළ තැන ගසුත් ඇත
කියමින් අන් පුතුන් ඉදිරියෙ තලයි සිත
ඉවසා සිටියි කඳුළින් පුරවා දෙනෙත
අගයනු මැනැවි පතුරා ඇයට සම මෙත

තලල්ලේ චන්දකිත්ති හිමි