Print this Article


දළදා වහන්සේ වන්දනා කරමු

දළදා වහන්සේ වන්දනා කරමු

ඒකා දාඨා තිදස පුරෙ
ඒකා නාග පුරෙ අහූ
ඒකා ගන්ධාර විසයෙ
ඒකාසි පුන සීහලෙ

චතස්සො තා මහා දාඨා
නිබ්බාණ රස දීපිකා
පූජිතා නර දෙවෙහි
තාපි වන්දාමි ධාතුයො

එක් දළදාවක් තව්තිසා දෙව්ලොව ද, එක් දළදාවක් නා ලොව ද, එක් දළදාවක් කළිඟු රට ද, එක් දළදාවක් ලක්දිව ද වී' ද නිවන් රසය ගෙන දෙන, රජ දරුවන් විසින් පුදන ලද සතර දළදා වහන්සේ මම වඳිමි.

ලෝකෙක නාථ වදනම්බුජ රාජහංසං
වෙනෙය්‍ය කොමුද වනං කුªමුදාකරන්තං
අද්ධින්දුකාර වරරූප විරාජ මානං
වන්දාමි සාධු මමලං ජිනදන්තධාතුං

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ නමැති පියුමට හංස රාජයකු වැනි වූ, විනේ ය ජන නමැති කුමුදු වනයට චන්ද්‍රයා වැනි වූ, අඩ සඳ වැනි රූ සටහනකින් බබළන්නා වූ, නිර්මල වූ දන්ත ධාතූන් වහන්සේ වඳිමි.

ධාතූන් වහන්සේ වැඳීම
භින්න මුග්ගප්පමාණෙන,
භින්න තණ්ඩුල සන්නිභා
මහන්තා මජ්ක්‍ධිමා චෙ ව
ඛුද්දකා සාසනූපමා

මහත් ප්‍රමාණය, මුං පියළි ප්‍රමාණය, මධ්‍යම ප්‍රමාණය, කඩ සහල් ප්‍රමාණය, ක්ෂුද්‍ර ප්‍රමාණය, අබ ප්‍රමාණය ක්‍රමයෙන් එම ධාතූන් වහන්සේ ස්වර්ණ වර්ණ, මුතු වර්ණ, කොඳ කැකුළු වර්ණ වේ. මෙකී සියලු ධාතූන් වහන්සේ වඳිමි.