Print this Article


වත පිරිත

වත පිරිත

කර්තෘ ආචාර්ය කඩවත්ගම පියරතන නා හිමි

ප්‍රකාශකයෝ එස්. ඇන්ඩ්. එන්. මුද්‍රණාලය අනුරාධපුර

පිරිත් සූත්‍ර සහ වන්දනා ගාථා ආදිය සජ්ඣායනා කිරීම අපගේ ශ්‍රද්ධාව උපදවා ගැනීමට උපකාරි වන්නකි. සජ්ඣායනාවෙන් නිවන් පසක්කර ගැනීමට නොහැකි වුවත් ශාසනික සම්ප්‍රදායන් තුළ තම ශාස්තෘවරයාණන්ට දක්වන ලද උසස්ම ගෞරවයක් ලෙසින් ද, භික්ෂුවට ධර්ම දේශනා කිරීම සඳහා වනපොත් කිරීම ද සජ්ඣායනාව තුළින් සිදුවන බව කතුවර හිමියන්ගේ අදහස යි. බුද්ධ වන්දනා සහ වත පිරිත දෙකකි. ලාංකේය භික්ෂූන් වහන්සේලා වත පිරිත සජ්ඣායනාව ශාසනික ඉතිහාසායේ ඈත අතීතයේ සිට ම සිදු කරගෙන එන්නක් බව මෙම ග්‍රන්ථයේ සඳහන් ව ඇත.