Print this Article


අනුබුදු මිහිඳු මාහිමි පරිනිර්වාණ සැමරුම නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක්

අනුබුදු මිහිඳු මාහිමි පරිනිර්වාණ සැමරුම නිමිත්තෙන්

රුක් රෝපණ වැඩසටහනක්

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා 2280 වැනි සංවත්සරය නිමිති කරගෙන මිහින්තලා රාජමහා විහාරස්ථාන පුදබිම කේන්ද්‍රකර ගනිමින් පැවැති පූජෝත්සවයට සමගාමීව පසුගිය 24 වැනි දා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට අයත් මිහින්තලේ පිහිටි විශ්‍රාම ශාලා භූමියෙහි රුක් රෝපණ වැඩසටහනක් ද පැවැත්විණි.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, මෙහෙයුම් අධ්‍යක්ෂ කනිෂ්ක විතාරණ, සහකාර සාමාන්‍ය අධිකාරි (ආයතනික කටයුතු) චන්දන බණ්ඩාර, ප්‍රධානි ප්‍රවාහන හා වාර ප්‍රකාශන තිස්ස ධම්මික සුභසාධක සහකාර කළමනාකාර සමින්ද විජේතුංග, පරිපාලන මෙහෙයුම් ගයාන් බණ්ඩාර, සහකාර කළමනාකාර ජනක රොද්‍රිගු, යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.