Print this Article


බුදු පියාණනේ

බුදු පියාණනේ

එක බණ පදයක් ඔබේ මුවින්
ඇසුවා නම් මම එදා සොඳින්
මේ දුක් ගින්දර නිවී ගොසින්
බෝ කල් නොවැ බුදු පියාණනේ

දෙසවන් පිනවා මියුරු නදින්
දෙනුවන් පිනවා සොඳුරු රුවින්
ඉඳුරන් සනසා පමා වෙමින්
සිටියා නොවැ බුදුපියාණනේ

ඔබ රුව දකිමින් බණ පද ඇසුමට
මා දෙසවන් කළ පින මදි වූව ද
ඔබ පෙන් වූ මඟ ගමන් කිරීමෙන්
ඔබ දකිනෙමි බුදු පියාණනේ