Print this Article


ඡත්ත මානවක සරණාගමනය

ඡත්ත මානවක සරණාගමනය

යො වදතං පවරො මනුජෙසු
සක්‍යමුනී භගවා කත කිච්චො
පාරගතො බල විරිය සමංගී
තං සුගතං සරණත්තමුපෙමි

වාදීන් අතර ශ්‍රේෂ්ඨ වූ ශාක්‍ය මුනීන්ද්‍ර භාග්‍යවතුන් වහන්සේ සියලු කටයුතු ද අවසන් කොට කාය බලයෙන් ද, වීර්යයෙන් ද යුක්ත වූයේ නිවන් පුර පිවිසිය සේක් ද උන් වහන්සේ සරණ යමි.

රාග විරාග මනෙජම සොකං
ධම්ම මසංඛත මප්පටි කූලං
මධුර මිමං පගුණං සුවිභත්තං
ධම්ම මිමං සරණත්තමුපෙමි

රාගයෙන් ඇලීම නො කරන මාර්ගය ද, තෘෂ්ණාවෙන් වෙන් වු ඵලය ද ,මනා කොට බෙදන ලද පර්යාප්තිය ද යන මේ ලොව්තුරා ධර්මය සරණ යමි.

යත්ථ ච දින්න මහප්ඵල මාහූ
චතුසු සුචීසූ පුරිස යුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතෙ
සංඝ මිමං සරණත්තමුපෙමි

භික්ෂූන් වහන්සේ විෂයයෙහි දුන් දානය මහත් ඵලයැ' යි වදාළහු ද, පිරිසුදු වූ පුරිස යුග සතරක් වූ සිව්සස් අවබෝධ කළා වු අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය සරණ යමි.